නඩුවට සාක්ශි කැදවන දවසේ විමල්ට හැදුන ලෙඩේ
2016 පෙබරවාරි මස 06 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය පළ කරමින් කිසිදු දැනුම්දීමකින් නොරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධනාවක් සංවිධානය කිරීම ඇතුළු චෝදනා යටතේ විමල් වීරවංශ ඇතුළු සැකකැරුවන් 6 දෙනෙකුට එරෙහිට කුරුදු වන්න පොලිසිය විසින් පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 25 වනදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිළිණ ගමගේ නියෝග කර තිබෙනවා
එම නඩුවේ සාක්ෂි කැඳවීම අද දිනට යෙදී නිබුණා
කෙසේ නමුත් විමල් වීරවංශ හට උණ රෝගය වලදී ඇති බැවින් අධිකරණයේ පෙනී නොසිටින ලෙස වෛද්‍ය උපදෙස් ලබා දී ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්න වීරසිංහ විසින් අධිකරණයට අද (28) දැනුම් දුන්නා
ඒ අනුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට සාක්ෂි ලබා දීමට පැමිණි පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට නොවැම්බර් 25 වනදා යළි පෙනී සිටින දන්වා තිබෙනවා
එම නඩුව සෙසු සැකකරුවන් පස්දෙනා වන්නේ ජයන්න සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, රොජර් සෙනෙවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන අය වේ.