පලමු අයවැයෙන්ම කරන දේ ගැන ජනපති අනුර කියපු කතාව
චණ්ඩිකම් පෙන්වමින් දේශපාලනය කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ අවස්ථාව නැති බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
එමෙන්ම පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බවයි එහිදී ඔහු සඳහන් කර සිටියේ.
ජනාධිපතිවරයා ඒ බව සදහන් කළේ, අද (30) මාතර පැවැති ජන රැලියක් අමතමින්.
ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ජාතික ජන බලවේගය සංවිධාන කරන ජන රැලි මාලාවේ මාතර දිස්ත්රික් ජන රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද පැවැත්වුණා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,
”අපිට බලය තියෙන්නේ ස්ථාන කිහිපයක විතරයි. දේශපාලන බලය සමාන්යයෙන් තහවුරු වෙන්නේ ආයතන ගාණනාවක ශක්තිමත්භාවයෙන්. ජනාධිපති ධුරය දේශපාලන බලයේ හොඳ ශක්තිමත් තැනක්. කැබිනට් මණ්ඩලය හොඳ ශක්තිමත් තැනක්. හැබැයි කැබිනට් මණ්ඩලයේ ඉන්නේ අපි තුන්දෙනයි. ජනාධිපති අගමැති ඇමති. ලෝකේම ඉතිහාසගත වෙන කැබිනට් මණ්ඩලයක්. එතකොට එයාලා කල්පනා කරනවා ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් ඇතිවීමට ඉඩ නොදී මේක හොල්ලන්නේ කොහොමද කියලා. මේක තමා පාර්ලිමේන්තුව සුද්ද කිරීමේ මහා ශ්රමදානය ලෑස්තිද?.. අපි කැබිනට් මණ්ඩයක් හදනවා 25ට අඩුයි.. ලංකාවේ හොඳම ඇමති මණ්ඩලයක් හදනවා.. අපි ඉතාම ඉක්මනට ජනපති කාර්ය සාධන බලකායක් හදනවා.. ”ක්ලීන් ශ්රී ලංකා” අපි ගේනවා ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන.. පිරිසිදු ශ්රී ලංකාවක් හදන්න.. හැම ක්ශේත්රයේම.. අපේක්ෂා කරනවා පොතොපත් මිලදී ගන්න ආර්ථික වත්කමක් නැති පාසල් දරුවන්ට දීමනාවල් ලබා දෙන්න.. ඒ වගේම අපි කාර්යක්ෂම රාජ්ය සේවයක් හදනවා.”