පොදු ස්ථානයක පොලිස් නිලධාරීන්ගේ ක්රියාකාරකම් වීඩියෝගත කිරීමක් සිදු කළොත් එය නවත්වන්න පොලිස් නිලධාරීන්ට බැහැ
පොලිස් නිලධාරීන්ගේ ක්රියාකාරකම් පොදු ස්ථානයක දී වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බව වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය විසින් පොලිස් නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එවැනි වීඩියෝගත කිරීම් කිසිම පොලිස් නිලධාරියෙක් විසින් වැලැක්වීම නොකළ යුතු බවයි අදාළ දැනුම්දීමේ සඳහන් වන්නේ.
දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත යොමු කර ඇති මෙහි සඳහන් වෙන්නේ, සංස්කරණය නොකළ වීඩියෝ හඬපට අධිකරණයකදි සාක්ෂි ලෙස පිළිගන්නා වැදගත් සාධකයක් බැවින් පොලිස් නිලධාරීන් එවැනි වීඩියෝ කිරීම් වැලැක්වීම නොකළ යුතු බවයි.
එබැවින් පොදු ස්ථානවල සිදුවන පොලිස් ක්රියාකාරකම් වීඩියෝගත කිරීමට බාධා නොකළ යුතුවා සේම, සංස්කරණය කළ වීඩියෝ පට පොලිස් දෙපාර්තමේන්තුවට සහ පොලිස් සේවයට කැළලක් වන ආකාරයට සමාජගත කළහොත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගැනීමට මෙම උපදෙස් බාධාවක් නොවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.