දුම්රිය වර්ජනය නිසා රජයට උනු දැවැන්ත පාඩුව
දුම්රිය ස්ථානාධිපතිවරු පසුගිය බදාදා (30 වැනිදා) ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන අටක පාඩුවක් සිදුව තිබේ. ඒ, ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමෙන් බව දුම්රිය ස්ථානාධිපතිරු සඳහන් කරති.
සිය උසස්වීම් හා බඳවා ගැනීමේ ගැටලුවට ස්ථිර විසඳුම් නොලැබීම මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරු ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම, ආසන වෙන් නොකිරීම හා පාර්සල් බාර නොගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹුණේ පසුගිය 30 වැනිදා සවස 4.30 සිට එදින රාත්‍රි 11.00 දක්වාය.
එම කාලය කාර්යාල මගීන් දහස් සංඛ්‍යාත පිරිසක් ගමන් කරන කාලය වීමෙන් මිලියන අටකට අධික පාඩුවක් සිදුව ඇත.