කොණ්ඩය කැපූ නිසා කෝපයට පත් පෙම්වතා පෙම්වතියව නොඑන ගමන් යවයි
පුද්ගලයෙක් තම පෙම්වතියට අමානුෂික ලෙස පිහියෙන් ඇන ඝාතනය කළ පුවතක් පෙන්සිල්වේනියාවේදී වාර්තා වෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 50ක් වන Carmen Martinez-Silva නම් කාන්තාවක්.
ඇය සිය කොණ්ඩය කැපීම නිසා ඇයගේ නව පෙනුම පිළිබඳව කෝපයට පත් වූ පෙම්වතා මෙසේ ඇයව ඝාතනය කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
ඔහුගේ අකමැත්ත මත ඇය සිය කොණ්ඩය කපා ඇති අතර දින දෙකක් යනතුරුම ඇගේ දියණියගේ සහ සහෝදරයාගේ නිවසේ වාසය කර තිබෙනවා.
පසුව මිතුරෙකුගේ මාර්ගයෙන් දුරකතන ඇමතුමක් ලබා දී පෙම්වතාට පවසා ඇත්තේ ඇය මෙම සම්බන්ධය නතර කරන බවයි.
එයින් කෝපයට පත් පෙම්වතා විසින් ඇයව සොයා ගෙන විත් මෙසේ පිහියෙන් ඇන ඝාතනය කර ඇති අතර ඇයගේ සොහොයුරා ඇතුළු කිහිප දෙනෙකුටම පිහියෙන් ඇන තුවාල සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කළ Carmenගේ දියණිය පවසා ඇත්තේ කොණ්ඩය කැපීමට පෙර සිටම බෙන්ජමින් තම මවට තර්ජනය කළ බවයි.
කෙසේ වෙතත් අදාළ ඝාතනය සම්බන්ධයෙන් 49 හැවිරිදි Benjamin Garcia එම ඝාතනය සිදු කළ ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.