උඩු ගුවනේදී ගුවන් යානයේ දොර අරින්න ගිය මගියාට අනිත් මගීන් ඉගැන්වූ පාඩම
පැනමාහි කෝපා එයාර්ලයින්ස් ගුවන් යානයේ හදිසි දොර විවෘත කිරීමට උත්සාහ කළ ගුවන් මගියෙකුට එම ගුවන් යානයේ සිටි සෙසු මගීන් විසින් පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සිදුවීම පසුගියදා බ්‍රසීලයේ සිට පැනමාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී සිදුවී තිබෙන බවටයි වාර්තා වෙන්නේ.
ගුවන් යානය ගොඩබැස්වීමට මිනිත්තු 30කට පමණ පෙර මෙම පුද්ගලයා ආහාර බන්දේසියේ තිබූ ප්ලාස්ටික් පිහියක් රැගෙන ගුවන් යානයේ පිටුපසට දිව ගොස් දොර විවෘත කිරීමේ අරමුණින් ගුවන් සේවිකාවක් ප්‍රාණ ඇපයට ගැනීමට උත්සාහ කර තිබෙනවා.
එම පුද්ගලයාගේ ශක්තිය නිසා මුලදී ඔහුව පාලනය කිරීමට මගීන්ට අපහසු වී ඇති නමුත්, ඔහුට පහර දීමෙන් පසු ඔහුව පාලනය කිරීමට සෙසු මගීන් සමත් වී තිබෙනවා.
එසේම ඔහුට සිහිනැතිවෙනතුරු මගීන් විසින් පහර දී ඇති බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් කෝපා එයාර්ලයින්ස් කියා සිටියේ, පැනමාවට ගොඩබෑමෙන් පසු ජාතික ආරක්ෂක කණ්ඩායම ගුවන් යානයට ඇතුළු වී මගියා ඉවත් කර අධිකරණ බලධාරීන් වෙත ගෙන ගිය බවයි.
උපුටාගැනීම: හිරු