ඕන නම් මගේ ජීවිත කතාවෙන් පොතක් වුණත් ලියන්න පුළුවන් – යුරේනි
රංගන ශිල්පිනියක්, ගායිකාවක්, නිවේදිකාවක් සහ නිරූපණ ශිල්පිනියක් විදියටත් අද වෙනකොට කලා ක්ෂේත්රය තුළ සාර්ථක ගමනක් ආපු හැඩකාරියක් තමයි යුරේනි නොෂිකා. කාලෙන් කාලෙට යුරේනි විවිධ මාතෘකා එක්ක කරළියට එනවා. මෑතකදි ඇය කරළියට පැමිණියේ විරාජ් පෙරේරාගේ “චාටු කතා” ගීතයේ මියුසික් වීඩියෝවෙන්. ඒ වීඩියෝවේ ඇය ඉතා සරාගී ඇඳුමකින් සැරසී සිටීමයි ඊට හේතුවුණේ. ඔන්න දැන් ආයෙමත් යුරේනි ගැන කතාබහක් මතුවෙලා. ඒ බොහෝ කාලයකට පසු ඇය පුංචි තිරයේ දකින්න ලැබීම නිසා. ස්වර්ණවාහිනී නාලිකාවට අනුර ඒකනායක අධ්‍යක්ෂණය සිදුකරන “රීකන්ඩිෂන් කෙල්ල” ටෙලිනාට්‍යයෙයි ඒ විදිහට යුරේනි දකින්න ලැබෙන්නේ. ඒක නිසාම මෙවර යුරේනි නොෂිකාත් එක්ක “පිනිපලස” අපි කතා කළා.
ඉතින් යුරේනි මේ දවස්වල රංගන වැඩකටයුතු එහෙම කොහොමද?
“රීකන්ඩිෂන් කෙල්ල” ටෙලිනාට්‍යය මේ වෙනකොට ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශනය වෙනවා. අනුර ඒකනායකයි ඒක අධ්‍යක්ෂණය කරන්නේ. ඒකට හොඳ ප්‍රතිචාරත් ලැබෙමින් තියෙනවා. හුඟාක් කාලෙකට පස්සේ තමයි ප්‍රේක්ෂකයන්ට මාව පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ.
යුරේනිට අලුත් ගීතයක් කරන්නත් දැන් කාලේ හරි නේද?
අලුත් ගීතයකුත් කළා. ඒකත් මගේ අර කලින් සිංදු වෙන සාරිපොටේ, චුයින්ගම් වගේ කොල්ලෝ වගේ ඩාන්ස් කරන්න පුළුවන් එකක්. ඉක්මනින් ඒක අහන්න ලැබෙයි.
ඇත්තටම යුරේනි පුංචි කාලේ හීන දැක්කේ එහෙම කවුරු වෙන්නද?
පුංචි කාලේ හීන දැක්කේ නීතිඥවරියක් වෙන්න. ඒත් ඒ හීනයට යන්න බැරි වුණා.
නීතිඥවරියක් වෙන්න බැරිවුණු එක ගැන පසුතැවීමක් නැද්ද?
අනේ නෑ. ඒ හීනය එදා මගඇරුණු හින්දා තමයි අද මට මෙහෙම තැනකට එන්න හැකියාව ලැබිලා තියෙන්නේ. අදටත් ඒ ගැන මට කිසිම විදිහක පසුතැවීමක් නෑ.
පාසල් කාලේ යුරේනි හොඳ රණ්ඩු කෙක්කක් කියලා දැනගන්න ලැබුණා?
ඔව් ඔව්. මට ඉස්කෝලේ කාලේ පුදුම විදිහට තරහා යනවා. හරි දඟයි. ඇත්තටම කිව්වොත් නම් රණ්ඩු කෙක්කක්ම තමයි. එහෙමයි කියලා මං අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තේ නෑ.
යුරේනිට රංගනයට එන්න ලැබුණේ ටීවී දෙරණ නිසාලු නේද?
මං මුලින් නිරූපණ ක්ෂේත්රයේ හිටියා. ඒ ඉන්නකොට දෙරණේ “මොඩ්ල්ස් ඔෆ් ද නිව් ජෙනරේෂන්” (Models of the New Generation) නිරූපණ තරගයට ඉදිරිපත් වුණා. ඒක දිනුවේ මං. මතක විදිහට 2006 අවුරුද්දේ. ඒ එක්ක දෙරණෙම “මුම්බායි එක්ස්ප්‍රස්” වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. ඒ කාලේ රංගනයටත් ආරාධනා ආවා. මගේ මුල්ම ටෙලිනාට්‍යය වුණේ ‘කිඳුරංගනා’ ටෙලිනාට්‍යය. පස්සේ මට චිත්‍රපටවලටත් ආරාධනා ආවා. මගේ රංගන ජීවිතයට කිඳුරංගනා, කූඹියෝ, නයිට් රයිඩර්ස් වගේ නිර්මාණ ගොඩාක් ලොකු ආලෝකයක් වුණා.
යුරේනි දිහා වපරැහින් බලන අයත් ඉන්නවා.මං හරිනේ
හරියටම හරි. රටේ වරදකටද මිනිස්සු හිතන පතන විදියේ වරදකටද මන්දා කාන්තාවකට තනියෙන් නැගිටලා අපේ රටේ තැනකට එන්න හරි අමාරුයි. නැති කතා මවනවා. මටත් එහෙම කියන අය ඉන්නවා. හැබැයි මගේ හෘදසාක්ෂිය දන්නවා මං මෙතැනට එන්න කොච්චර නම් කැපකිරීමක් කළාද කියලා. හැබැයි එහෙම කියන අය එක්ක මං තරහා නෑ.
යුරේනිගේ ජීවිතෙත් අමතක නැති මතක ඇති. එකක් කියමුද?
මාව රටේ හොඳම නිළිය කරපු “දෙරණ ෆිල්ම් එවෝර්ඩ්ස්” සම්මාන රාත්‍රිය නම් මට අමතක වෙන්නේ නෑ. 2023 වසරට අදාළව සම්මාන උළෙලේ “වසරේ හොඳම නිළිය” සම්මානය මට එවර ලැබුණා. ඊට අමතරව 2015 දි දෙරණ මියුසික් වීඩියෝ එවෝර්ඩ්ස් සම්මාන උළෙලේ මං ගායනා කරපු “සාරිපොටේ” ගීතය වෙනුවෙන් මට “Best Dance Video of the Year” සම්මානේ ලැබුණා. 2018 “දෙරණ ෆිල්ම් එවෝර්ඩ්ස්” සම්මාන උළෙලෙත් ඒ වසරේ ජනප්‍රියම නිළිය සම්මානය ලැබුණේ මට. ඔය කියපු මතක මට අමතක වෙන්නේ නෑ.
පෙනුම රැකගන්න එහෙම යුරේනි කරන විශේෂ දේවල් තියෙනවද?
එහෙම විශේෂයක් නෑ. හැබැයි කෑමබීම ගැන, ව්‍යායාම ගැන, නින්ද ගැන ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙනවා. නිළියක් වුණාට වෙන අය වගේ දවස ගානේ නම් සැලුන් යන්නේ නෑ. මාසෙකට සැරයක් වගේ සැලුන් ගිහින් සාමාන්‍ය කෙනෙක් සැලුන් ගිහින් කරන අර සාමාන්‍ය දේවල් ටික කරනවා. එච්චරයි.
කලවයසත් හරි එකේ දැන් විවාහය ගැන හිතුවොත් නරකද?
ඔය කලවයස කියන දේ ගැන හොයන්නේ අපේ රටේ විතරයි. මට වයස ප්‍රශ්නයක් නෑ. වයස අවුරුදු 50 දි හරි මට හරියන කෙනාව ලැබුණොත් මං විවාහයක් ගැන හිතයි. නැත්නම් දිගටම මේ ඉන්න විදිහට යුරේනි නොෂිකා ඉඳියි.
අද ඉන්න තැන ඉඳන් ආපහු හැරිලා බලද්දි යුරේනිට මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. මොකද පුංචි කාලේ මං ගොඩාක් දුක්වින්ඳා. ඒත් දැන් යුරේනි නොෂිකා කිව්වම රටක්ම ආදරේ කරන චරිතයක්. ඒ වගේම තමයි අද වෙද්දි මං මගේ තනි හයියෙන් නැගිටලා කාටවත් අත නොපා කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන කෙනෙක්. ඉතින් මට සතුටු නැද්ද? ඕන නම් මගේ ජීවිත කතාවෙන් පොතක් වුණත් ලියන්න පුළුවන්.
උපුටාගැනීම:අරුණ වෙබ්පිටුව