ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් මහල් නිවාසය තුළ අබිරහසක් ඉතුරු කරමින් අවසන් ගමන් යයි
ජනප්‍රිය කොරියානු රංගන ශිල්පි Song Jae-Rim සෝල්හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී ඉකුත් 12 වනදා සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..
මියයන විට ඔහු 39 හැවිරිදි වියේ පසුවිය..
එමෙන්ම ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් තහවුරු වී නොමැති බවටයි වාර්තා සඳහන් කරන්නේ..
එසේ වුවද ඔහු මියගිය ස්ථානයේ තිබී පිටු දෙකක ලිපියක් සොයා ගෙන ඇති බව ද සඳහන්..
1985 දී උපත ලද Song Jae Rim 2009 වසරේ දී Actresses හරහා රංගන දිවියට පිවිස ඇති අතර, 2012 දී විකාශය වූ The Moon Embracing the Sun කතා මාලාවේ ඔහුගේ භූමිකාව සඳහා ජනප්‍රියත්වයට පත්වූවා..
ඔහු Flower Boy Ramen Shop, Inspiring Generation, Two Weeks, Goodbye Mr. Black, Bad Girls, Our Gap-soon, Surfing House, Let Me Hear Your Song සහ Queen Woo ඇතුළු කැපී පෙනෙන කතා මාලාවන් කිහිපයකම රංගනයෙන් දායක වී තිබෙනවා..
එමෙන්ම Grand Prix, The Suspect, Crazy Love, Yacha, Bait, සහ Plop: A Man Who Lost His Business ඔහුගේ චිත්‍රපට එකතුවට ඇතුළත්..
තවද, පසුගිය ඔක්තෝබර් 13 වැනිදා නිමවූ The Rose of Versailles කතා මාලාව ඔහුගේ අකල් මරණයට පෙර ඔහු නිම කළ අවසාන ව්‍යාපෘතියයි..
Jae-Rim ගේ අවසන් කටයුතු නොවැම්බර් 14 වැනිදා Yeouido St. Mary’s Hospital Funeral hall හිදී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ..