දෙනවා කියූ පොහොර සහනාධාරය තවම නෑ
අම්බලන්ගොඩ – නියාගම ප්‍රදේශයේ තේ වගාවට අවශ්‍ය පොහොර නොලැබී ඇති බවට එම ගොවීන් චෝදනා කරනවා.
එසේම පොහොර සහනාධාරය ද නිසි පරිදි නොලැබෙන බැවින් සිය වගාවන් සිදුකර ගෙන යාම සඳහා වැඩි මිලට පොහොර ගැනීමට සිදුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ අතර, මහ කන්නයේ කුඹුරු වගාව සඳහා පොහොර සහනාධාරය නියමිත දිනට ලබා දෙන බවට රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයින් ප්‍රකාශ කළ ද ගොවිතැන ආරම්භ කළ ප්‍රදේශවල ගොවීන්ගේ මුදල්, බැංකු ගිණුම් වෙත මේ දක්වා ගිණුම්ගත කර නොමැති බවට පාර්ලිමේන්තුවට යලි තේරීපත්වූ රෝහිණි කවිරත්න පවසනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය මුදල් සහ කෘෂිකර්ම අමාත්‍යාංශ වලින් ඉල්ලා ඇත්තේ, අදාළ මුදල් කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසයි.