මහරගම යාචකයෙක් හිතාමතා යටකල රියදුරුට කලකම් පලදෙයි
මහරගම කොළඹ පාරේ වත්තේ ගෙදර හන්දිය අසල ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසලක් ඉදිරිපිට නිදා සිටි පුද්ගලයෙකු ඩිපෙන්ඩර් ජීප් රථයකට යටකර බරපතල තුවාල සිදුකර පලා ගිය රියදුරු ඊයේ (23දා) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක පුද්ගලයෙකි.
ඉකුත් (20) රාත්‍රී 9.40 ට පමණ අදාල වෙළඳසැල වසා තිබියදී එහි ඉදිරිපිට නතර කර තිබූ ඩිපෙන්ඩර් ජීප්රථය නිදා සිටි පුද්ගලයාගේ ඉණ හා පාද ප්‍රදේශය යට වන ආකාරයෙන් පසුපසට ධාවනය කර මෙම අනතුර සිදුකර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වි යැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී අසල මෝටර් රථයක සිටි රියදුරකු කෑ ගසා එය නැවැත්වීමට උත්සාහ දරා ඇති අතර එය නොතකූ ඩිපෙන්ඩර් රියදුරු ඒ ආකාරයෙන්ම ජීප් රථය පසුපසට ගෙන කොළඹ දෙසට පලා ගොස් තිබූ අතර ජීප් රථයේ ලියාපදිංචි අංකය පොලිසිය වෙත ලැබී තිබිණි.
අනතුරින් එම ස්ථානයේ නිදා සිටි පුද්ගලයාගේ ඉන ප්‍රදේශයට සහ පාද දෙකටම බරපතළ තුවාල සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඩිපෙන්ඩර් රථ රියදුරු අපරක්ෂාකාරීව සිතා මතා සිදු කළ අනතුර අසල වෙළෙඳ සැලක සවිකර තිබූ සී සිටීවී කැමරාවක සටහන්ව තිබිණි .