විදුලිබල මණ්ඩල සේවකයෝ බෝනස් ඉල්ලයි
විදුලිබල මණ්ඩලය මේ වන විට ලාභ ලබන ආයතනයක් නිසා සේවකයන්ට ප්රසාද දීමනාවක් ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩල සභාපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.
2022 වසරට පෙර වැටුප ගණනය කර ප්රසාද දීමනාව ලබා දුන්නද මෙවර සෑම සේවකයෙකුටම සමාන මුදලක් වන සේ ප්රසාද දීමනාව ලබා දිය යුතු බව එම සංගමයේ ප්රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලයෙහි සේවය කරන 23ක් වූ සේවකයන්ට ලබන මස 10 වැනි දිනට පෙර අදාළ ප්රසාද දීමනාව ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළ බවද හෙතෙම පැවසීය.
විදුලිබල මණ්ඩලය පාඩු ලබන බව සඳහන් කරමින් ගෙවීගිය වසර දෙකක කාලයෙහිදී ප්රසාද දීමනාව ලබා නොදුන් බවත්, මේ වන විට විදුලිබල මණ්ඩලය ලාභ ලබන නිසා විදුලිබිල අඩු කිරීමට පවා සැලසුම් කර තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
තම සංගමය ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිතිය ලෙස සේවකයන්ට හිමි අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා මෙම ඉල්ලීම් සිදු කළ බවද රංජන් ජයලාල් මහතා පැවසීය.
උපුටාගැනීම: අද වෙබ්පිටුව