දින වෙනස් කල හාල් තොගයක් කොටු වේ
නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට දැමූ සහල් කිලෝ 17,925ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් වටලා තිබෙනවා
ඒ අනූවයි නිෂ්පාදිත දිනය හා ඊට අදාළ තොරතුරු වෙනස් කළ ආනයනික සහල් තොඟයක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (25) දිනයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
එහිදී ඉන්දියාවේ නිෂ්පාදිත කිලෝ 25 ඇසුරුම්වල එම නිෂ්පාදකයා විසින් නිෂ්පාදිත දිනය ලෙස 2022 ජනවාරි ලෙස සටහන් කර තිබෙනවා.
එමෙන්ම නිෂ්පාදිත දිනයේ සිට වසරක් තුළ භාවිතා කිරීම කළයුතු බවයි ඉන්දියානු නිෂ්පාදකයා සඳහන් කර ඇත්තේ.
නමුත් ලංකාවට සහල් ආනයනය කර තිබූ ව්‍යාපාරිකයා විසින් එම අසුරනවල නිෂ්පාදිත දිනය වෙනස් කරමින් 2024 ජූනි ලෙස ඉදිරි දිනයක් යොදා වෙනත් ලේබලයක් සහිතව එම සහල් වෙළඳපලට නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බව සඳහන්.
නියමිත මිල ගණන් සහ බර ප්‍රමාණයන් ද ලේබල මගින් වෙනස් කර කොළඔ 14 ප්‍රදේශයේ ගබඩාවක් තුල රහසිගතව සඟවා තබා මෙම සහල් ඉදිරි උත්සව සමයේ වෙළෙඳපළට බෙදාහැරීමට සැලසුම් කොට ඇති බව අනාවරණය වී තිබෙනවා.
වැටලීමේදී නිෂ්පාදිත දිනය වෙනස්කළ සහල් සහිත 25kg ඇසුරුම් 717ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන තිබෙන අතර චූදිතයන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිත බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ.