කාලගුණ තත්වයේ දැවැන්ත වෙනසක් වෙන්න යයි
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් දිවයිනට බලපා ඇති කාලගුණික තත්ත්වය හෙටින් පසු ක්‍රමිකව අවමවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…
ත්‍රිකුණාමලයට කිලෝමීටර 110ක් පමණ ඊසාන දෙසින් අද පෙරවරුවේ පිහිටා තිබූ ගැඹුරු පීඩන අවපාතය දිවයිනේ නැගෙනහිර වෙරළ ආසන්නව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බව සදහන්…
ඒ අනුව, නැවත දැනුම් දෙනතුරු දිවයින වටා පිහිටි ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා…
මේ අතර, උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමල, ගාල්ල යන දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි ඇති විය හැකි බව සදහන්…
උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට පැයට කිලෝමීටර 60ක පමණ තද සුළං ඇති වීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා…