සමාජයට බම්බු ගසන්න කියා සහනාධාරයෙන් කසිප්පු පෙරූ ගම්වැසියෝ
සුළි කුණාටුවෙන් අවතැන්ව සුරක්ෂා මධ්‍යස්ථානයකට ලැබුණු සීනි එකතු කර ගමට ගෙන ගොස් කසිප්පු පෙරා සප්පායම් වූ පිරිසක් ගැන පුවතක් වියලුවට නුදුරු ගමකින් වාර්තා වේ. නාය යෑම හේතුවෙන් ප්‍රදේශයේ බොහෝ ගම්බිම්වල ජනතාව අවතැන් වූහ. ඉහළින් පිහිටි කඳුයායේ නායයෑමේ අවදානමක් පවතින බැවින් අප මේ කියන ගම්මානයේ පිරිස ද මේවන විට රැඳී සිටින්නේ ප්‍රදේශයේම පාසලක පිහිටවූ සුරක්ෂා කඳවුරකය. […]
