විදුලි කප්පාදුව අවසන් වෙන දිනය මෙන්න
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජනනය කරන විදුලිය දින 4කින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එම මණ්ඩලයේ ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේ එ අනුව පෙබරවාරි 14 වැනි දින ජාතික පද්ධතියට මෙය එක් කිරීමට අපෙක්ෂා කරන බවය.