මහ ඝා තනයකට සැරසුනු ඝා තකයන් හයක් අල්ලයි
පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරක් මත 2025.04.19 වන දින ගම්පහ පොලිස් වසමේ වතුමුල්ල ප්රදේශයේදී නිවසක් පරික්ෂා කර එහි සිටි සැකකරුවන් හය දෙනෙකු ටී-56 ගිනි අවි 02ක්, ටී-56 උණ්ඩ 118ක්, ටී-56 මැගසින් 03ක්, වෑන් රථයක්, කාර් රථයක් හා ත්රීරෝද රථයක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, 24, 25 හා 26 යන වයස්වල පසුවන ගාල්ල, අනුක්කනේ, උඩුගම්පල, ගම්පහ යන ප්රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන්ගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත වෙනත් අපරාධයකට සම්බන්ධ යැයි සැකපිට තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 හා 57 යන වයස්වල පසුවන උඩුගම්පල, ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
එමෙන්ම අපරාධ කල්ලි සාමාජිකයින්ට ඉහත සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධ කර දුන් තවත් සැකකරුවෙකු ජංගම දුරකතන 04ක් සමග කුරුණෑගල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25ක් වන හෙට්ටිපොල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර ඇති අතර මොවුන් සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශනයේදී දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ අනුගාමිකයින් දෙදෙනෙකුගේ මෙහෙයවීම මත පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම්ව සිට ඇති බවටත්, මෙම සැකකරුවන්ගෙන් සිව් දෙනෙකු යුධ හමුදා සේවයෙන් ඉවත් වූ අයවලුන් බවටත් වැඩිදුරටත් අනාවරණය වී ඇත.
සැකකරුවන් හට රැදවුම් නියෝග ලබා ගෙන ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කිරීමට නියමිතය. වැටලීමට අදාල ජායාරූප කිහිපයක් මේ සමග යොමු කරමි.
lanka c news