මාස ගණනකට පසු ඉෂාරා සෙව්වන්දි එළියට එයි
– Divaina
ඉෂාරා සෙව්වන්දි පිළිබඳව රටම කතා කිරිමට පටන් ගත්තේ සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජිව ඝාතනය කිරීම සඳහා භාවිතා කළ ගිනි අවිය අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළට ගෙන යෑමේ ආන්දෝලනාත්මක සිද්ධියත් සමඟයි.
ඉන්පසු ශ්‍රී ලංකා පොලීසිය ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා මෙහෙයුම් සිදු කළේය. එම පොලිස් නිලධාරින් ඇය සැඟවී ඇතැයි සැක කළ ස්ථාන දෙසීයක් පමණ සෝදිසි කළේය. එහෙත් ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරිය සොයා ගැනිමට නොහැකි ව්ය.
ඇය පිළිබඳව ඔවුන් සොයා ගත් එකම තොරතුර වූයේ කළුතර ප්‍රදේශයේ ස්වර්ණාභරණ වෙළඳසැලකින් රත්තරන් භාන්ඩ මිලදීගෙන ඇති බව පමණි. එහෙත් දන්නා තරමින් ඇය එලෙස ස්වර්ණාභරණ මිලදිගෙන තිබුණේ නැත. එහි සිටින්නේ ඉෂාරා සෙව්වන්දිද ඒ සමාන රැවක් ඇති වෙනත් කාන්තාවක්ද යන්න පිළිබඳව යළි පරික්ෂණ සිදු කළ යුතුය.
එලෙසම ඉෂාරා සෙව්වන්දි පිළිබඳ සත්‍ය තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් ලක්ෂ දොළහක මුදල් පරිත්‍යාගයක් කිරීමටද ශ්‍රී ලංකා පොලිසිය පියවර ගත්තේය. එහෙත් ඇය ගැන කිසිදු තොරතුරක් නොලැබුණී.
තවද ඉෂාරා සෙව්වන්දි ගේ මව, සහෝදරයා පමණක් නොව ඇයට උදව් උපකාර කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පවා අත්අඩංගුවට ගත්තත් මෙම සැකකාරිය පිළබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට නොහැකි විය.
ඒම කාල වකනානුවේ: ” කිසියම් පාතාල කල්ලියක් විසින් ඇයව ඝාතනය කර සිරැර කිසිවෙකුටත් සොයා ගැනීමට නොහැකි වන ලෙස වල දමා ඇති බවට ද” රාවයක් පැතිරුණි. තව පිරිසක් පැවසුවේ ඇය හොර රහසේම විදෙස් රටකට පැන ඇති බවයි. එහෙත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබා ගැනීමට නොහැකි විය. පසුව කාලයත් සමඟ රටම කතා කළ ඉෂාරා සෙව්වන්දි ගැන ජනතාවට පමණක් නොව ශ්‍රී ලංකා පොලිසියට පවා අමතක විය.
එලෙස රටම කතා කළ ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරිය දැනට දින කිහිපයකට ඉහතදී ඉතාමත් සුක්ෂම අකාරයට ඩුබායි රාජ්‍යය වෙත පැන ගොස් තිබේ. ඇයව එලෙස ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වා ගැනීම සඳහා සියලු උදව් උපකාර කර ඇත්තේ ගණේමුල්ල සංජීව ඝාතනයේ මහ මොළකරු වන කෙහෙල්බද්දර පත්මේ විසිනි.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකුවන කෙහෙල්බද්දර පත්මේ ගණේමුල්ල සංජීව සමඟ සිටියේ දැඩි වෛරයකිණි. එයට ප්‍රධාන හේතුව වුයේ ගනේ මුල්ල සංජීව කෙහෙල්බද්දර පත්මේගේ පියාවන නෙවිල් පෙරේරා ඝාතනය කිරීමයි.
කෙහෙල්බද්දර පත්මේ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට වසරකට පෙර ඩුබායි රාජ්‍යයේ සිට පළමුවරට මෙම ලියුම්කරු සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා දිවයින ඉරිදා සංග්‍රහය ට පැවසුවේ ” ගණේමුල්ල සංජීව කොහේ හිටයත් කවද හරි මැරුම් කන්නේ මගෙන් කියාය.”
ඒ සමඟම වැඩිදුරටත් ඔහු පැවසුවේ ” සංජීව කිසි වරදක් නැති මගේ තාත්තාව නිරපරාදේ මැරැවා. ඒකෙ පලිය ගන්න තමයි මම පාතාලයට සම්බන්ධ වුණේ. කවදාවත් සංජීවට මගෙන් ගැලවීමක් නෑහැ. මොන ලෝකෙක හිටියත් මම ඕකට ජිවත්වෙලා ඉන්න ඉඩ තියන්නේ නැහැ. කවදහරි ඕකා මගෙන් තමයි මැරැම් කන්නේ.”
ප්‍රසිද්ධියේ එලෙස පවසා සිටි පත්මේ ඉන් වසරකට පසු කොමාණ්ඩෝ සලින්ත ඇතුළු පිරිසක් සමඟ මනා ලෙස සැලසුම් කර අලුත් කඩේ උසාවි සංකීර්ණය තුළදී ගණේමුල්ල සංජීව ඉතාමත් සුක්ෂම අයුරින් ඝාතනය කළේය. එම ඝාතන සැලසුමේ ඉෂාරා සෙව්වන්දි ද ප්‍රබල චරිතයක් විය.
කෙහෙල්බද්දර පත්මේගේ සැලසුමට අනුව කිසිදු බියක් සැකක් නොමැතිව නීතිඥවරියක් වෙසින් වෙස් වලාගෙන තවත් දරැණුගනයේ පාතාල නායකයකුවු ගණේමුල්ල සංජීවට වෙඩිතැබීම සඳහා අවශ්‍ය ගිනි අවිය වෙඩික්කරු වෙත ලබාදීම සඳහා උසාවිය ඇතුළට රැගෙන ගියේ ඇයයි. මෙය මෙරට පාතාල ලෝකයේ අපරාධයක් සිදු කිරීම සඳහා ප්‍රසිද්ධියේ කාන්තාවක් සහභාගි වූ පළමු අවස්ථාව ලෙසද සැලකිය හැකිය. මෙයට පෙර කාන්තාවන් පාතාල සාමාජිකයන් සමඟ අපරාධ සඳහා සම්බන්ධ වුවත් මෙලෙස සෘජුවම සම්බන්ධවී නොතිබුණි.
ගණේමුල්ල සංජීව ඝාතනය සැලවී පැය කිහිපයක් ගතවීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි පිළිබඳව රටම දැන ගත්තේය. ඒ සමඟම ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළත් අද වනතුරුත් ඇය අත්අඩංගුවට ගැනීමට නොහැකි ව්ය. එලෙස කලක් ගත වීමෙන් පසු ඉෂාරා සෙව්වන්දි ගැන මතකය පවා අමතක විය. එහෙත් මෙම ලියුම්කරුට ඉෂාරා සෙව්වන්දි මෙරට සැඟවී සිටි ස්ථාන සහ මෙරටින් පැනගිය ආකාරය පිළිබඳ තොරතුරැ දැන ගන්නට ලැබුණි. පහතින් පෙළ ගැසෙන්නේ ඒ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයකි.
සංජීව ඝාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දි ත්‍රී රොද රථවලින් පානදුරට ,කඑතරට සහ මතුගමට පැමීණ තිබේ. ඒ සදහා දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින නිලංගගේ අනු දැනුම ඇතිව ඔහුගේ ගෝලබාලයින් උදව්කර තිබේ. විටින්විට ත්‍රී රෝද රථ මාරැ කර තිබුණු අතර මතුගම සිට තිනියාවළට ඇය ගොස් තිබුණේ පොලිස් නිලධාරියෙකු සමඟයි.
මතුගම සිට සෙව්වන්දිව රැගෙන ගොස් උදව් උපකාර කර තිබුණේ කෙහෙල්බද්දර පත්මේ ගේ සල්ලි වලට යටවූ පොලිස් නිලධාරියෙකි. ඉන් පසු එම පොලිස් නිලධාරියා ඉෂාරා සෙව්වන්දිව තිනියාවල ප්‍රදේශයේ තමා අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන කාන්තාවකගේ නිවසේ සඟවා තිබුණි.
පොලිසිය රට පුරා මෙහෙයුම් දියත් කර සෙව්වන්දිව සොයන අතර තුර ඇය කිසිදු බාධාවක් නොමැතිව එම නිවසේ රැඳී සිටියාය.නිවස තුළම සැඟවී සිටි ඇයට අවශ්‍ය සියලුම දේ සපයා තිබුණේ එම පොලිස් නිලධාරියා සහ ඔහු සමග අනියම් සම්බන්ධතාවයක් පැවැත්වූ කාන්තාව විසින්ය.
මෙම කාලය අතර තුර කෙහෙල්බද්දර පත්මේ ඇයව ඉන්දියාව වෙත ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබුණි.
ඒ සඳහා තවත් පාතාල නායකයින් කිහිපදෙනෙකුගේ උදව් උපකාරද ඔහු ලබා ගත්තේය.
ඉන්දියාවට පලා යෑම සඳහා සියල්ල සූදානම් කර තිබුණත් සෙව්වන්දිව එලියට ගැනීම මහත් ගැටලුවක් විය. ඒ එම කාල වකවානුව වනවිට රට පුරාම පොලිස් මෙහෙයුම් යොදවා ඇයව සොයනා නිසාවෙනි. එම නිසා පත්මේ විසින් එම පොලිස් නිලධාරියට පවසා තිබුණේ එම උණුසුම නිවෙන තෙක් ඇය එම නිවසේම සඟවා තබන ලෙසයි. ඒ අනුව ඇයට තවත් කලක් එම නිවසේ සැඟවී සිටිමට සිදුවිය.
තවත් සති කිහිපයක් ගතවිය. සෙව්වන්දි ගැන තිබූ උණුසුම අඩුවන්නට පටන් ගත් අතර එයින් ප්‍රයෝජන ගත් පත්මේ තම සැලසුම ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය.
පත්මේ විසින් සැලසුම් කර තිබුණේ සෙව්වන්දිව බලපිටිය ප්‍රදේශයෙන් බොට්ටුවකට නංවා ඉන්දියාව වෙත රැගෙන ඒමටයි. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු ඔහු සූදානම් කර තිබුණි.
පසුගිය අප්‍රේල් මස දාහතර සහ විසි වැනිදා අතර දිනයක් තුළ සෙව්වන්දිට රැකවරණය ලබා දුන් පොලිස් නිලධාරියා විසින් පත්මේගේ සැලසුමට අනුව ඇයව බලපිටිය ප්‍රදේශයේ අදාළ ස්ථානය වෙත රැගෙන ගොස් තිබුණි. ඒ සඳහා එම පොලිස් නිලධාරියාට පත්මේ විසින් ලක්ෂ ගණන් මුදල් ලබාදි තිබුණි.
අදාළ ස්ථානය වෙත ඉතා නිරුපද්‍රිතව පැමිණි පසු සෙව්වන්දි අදාල යාත්‍රාවට නැග ඉන්දියාව බලා පිටත් විය. එලෙස ඉන්දියාවට පැමිණි ඇය සති කිහිපයක් එහි ගත කළාය.
ඉන්දියාවට ගිය පසු සෙව්වන්දි ඉන්දීය කාන්තාවකි. ඇයට වෙනම නමක්, නිවසක් දෙමාපියන් , සහෝදර සහොදරියන් පමණක් නොව ඉන්දිය රජයෙන් නිකුත් කළ වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් පවා ලැබුණි. මේ සියල්ල පත්මේ ඉන්දියන් පාතාල සාමාජිකයින් සහ ජාවාරකරැවම් සමඟ සම්බන්ධවී සැලසුම් කර තබුණි.
ඉන්දියාව මෙරටත් වඩා දූෂිත රාජ්‍යයකි. මුදල් යහමින් තිබෙනවා නම් ඉන්දියාවට පැනගිය පසු කළ නොහැක්කක් නොමැත. මෙරට නමගිය පාතාල අපරාධකරැවන් රැසක් වෙනත් විදේශ රටවලට පැන ගත්තේ පළමුව ඉන්දියාවට ගොසින්ය.
ඉන්දියාවේ ජාවාරම්කරුවෝ වෙනත් රටවල අපරාධකරුවන් එම රටේ පුද්ගලයින් ලෙස පෙන්වා විදේශ ගුවන් ගමන් බලපත්‍ර පමණක් නොව අවශ්‍ය නම් දෙමාපියන්, සහෝදර සහෝදරියන් , ඉගෙන ගත් පාසල, අධ්‍යාපන සහතික ආදී ඕනම දෙයක් සකසා දෙති. ඒ සඳහා විශාල මුදලක් ඔවුහු අය කරති.
ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනගොස් වෙනස් වුයේ එලෙසින්ය. ඉන්දියාවෙ වැඩ කටයුතු අවසන්වු පසු නේපාලයට පැන ගත් සෙව්වන්දි සති කිහිපයක් එහි ගත කළාය. ඒ අතර අවස්ථා දෙකකදී ඩුබායි රාජ්‍ය වෙත යෑමට උත්සාහ කළත් එය අසාර්ථක විය. එහෙත් උත්සහය අත් නොහැරපු පත්මේ විසින් දැනට සතියකට ඉහතදී ඇයව ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වාගෙන තිබේ. ඒ අනුව දැන් ඇය ඩුබායි රාජ්‍යයේ ආරක්ෂිත ස්ථානයක සැඟවී සිටී.
ආරක්ෂක අංශවල ඇස් වලට වැලි ගසමින් ඉතා සූක්ෂම ලෙස ඩුබායි රාජ්‍ය වෙත පැන ගිය ඇයව අත්අඩංගුවට ගැනීම දැන් ලෙහෙසි කටයුක්තක් නොවනු ඇත. ඇය තිනියාවල ප්‍රදේශයේ නිවසක පොලිස් නිලධාරියකුගේ උදව් උපකාර මත සැඟවි සිටි ඇති බවත් බලපිටිය ප්‍රදේශයෙන් ඉන්දියාවට පැනගොස් ඉන් පසු ඩුබායි රාජ්‍ය වෙත පැන ගොස් තිබේ.
මෙරට ආරක්ෂක අංශ ඉෂාරා සෙව්වන්දි පිළිබඳ සිදුකරන පරික්ෂණ වලදී මෙම තොරතුරැ වලද වැදගත් කමක් තිබෙනු ඇතැයි අපි සිතන්නේමු.
ගයාන් සමරසිංහ
දිවයින