මේ වෙලාවේ ලෝකයේ ප්‍රසිද්ධම කපල් එක ගැන පුදුම හිතෙන ආරංචිය
Coldplay සිදුවීමෙන් පසු, Astronomer සමාගමේ CEO ඉල්ලා අස්වෙයි…
ලොවපුරා කතාබහට ලක්වූ වීඩියෝවක් හේතුවෙන්, මහජන අවධානයට ලක් වූ අමෙරිකානු තාක්ෂණික සමාගමක් වන ඇස්ට්‍රොනොමර් (Astronomer) නිවේදනය කර ඇත්තේ, එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙනවා.
ඒ, ඇන්ඩි බයිරන් (Andy Byron) නම් ඔහු කෝල්ඩ්ප්ලේ (Coldplay) ප්‍රසංගයකදී එම සමාගමේ ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී ක්‍රිස්ටින් කැබට් (Kristin Cabot) වැළඳගෙන සිටින අයුරු විශාල තිරයක දිස්වීමත් සමඟයි.
ඒ අනුව ඇන්ඩි බයිරන්ව අනිවාර්යය නිවාඩු යැවීමටත් ඇස්ට්‍රොනොමර් සමාගම පියවර ගෙන ගැනුනා.
එම තත්ත්වය මධ්‍යයේ ඇන්ඩි බයිරන්, සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇති බවත් අධ්යක්ෂ මණ්ඩලය විසින් එය පිළිගෙන ඇති බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
මැසචුසෙට්ස් හි ෆොක්ස්බරෝ (Foxborough) හි පිහිටි ක්‍රීඩාංගණයේ විශාල තිරයක මෙම දෙදෙනා වැළඳගෙන සිටින අයුරු අදාළ වීඩියෝවේ දිස්වුණු අතර, පසුව ඔවුන් කැමරාවෙන් මුවාවීමට ගන්නා උත්සාහය ද දක්නට ලැබුණා.
ඒ අනුව ඇස්ට්‍රොනොමර් සමාගම ඊයේ (ජූලි 19) නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ “ඇස්ට්‍රොනොමර් ආරම්භයේ සිටම මඟ පෙන්වූ වටිනාකම් සහ සංස්කෘතිය වෙනුවෙන් කැපවී සිටිනවා.” යන්නයි.
එමෙන්ම, සමාගමේ සම-ආරම්භක සහ ප්‍රධාන නිෂ්පාදන නිලධාරී පීට් ඩිජෝයි (Pete DeJoy) මේ වන විට අන්තර්වාර ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන බවත් සඳහන් කර තිබුණා.
කෝල්ඩ්ප්ලේ සංගීත කණ්ඩායම “The Jumbotron Song” ගයමින් සිටියදීයි මෙයාකාරයෙන් වේදිකාව දෙස බලා සිටි ඇන්ඩි බයිරන් සහ ක්‍රිස්ටින් කැබට් දිස්වූයේ.
“අනේ බලන්න මේ දෙන්නා!” “ඔවුන්ට සම්බන්ධයක් තිබෙනවා හෝ ඔවුන් ඉතා ලැජ්ජාශීලීයි.” යන්නෙන් කෝල්ඩ්ප්ලේ ප්‍රධාන ගායක ක්‍රිස් මාටින් (Chris Martin) විහිළු සහගත අන්දමින් කළ ප්‍රකාශයක් ද අදාළ වීඩියෝවට ඇතුළත්.
සැනින් සමාජ මාධ්‍යයේ වෛරස් වූ මෙම වීඩියෝව මේ වන විට සේවා ස්ථානවල ගොඩනැඟෙන සම්බන්ධතා, ආචාර ධර්ම සහ වෘත්තීයභාවය පිළිබඳව පුළුල් කතාබහක් ද නිර්මාණය වී තිබෙනවා.
