මාව මේන් රෝල් එකට දාලා චිත්‍රපටියක් ගහමු නිළියක කිව්වා – පද්මේ කියයි
තමන් හට චිත්‍රපටයක් නිෂ්පාදනය කර එහි ප්‍රධාන චරිතය ද රඟපාන ලෙස මෙරට ජනප්‍රිය නිළියකගෙන් ආරාධනාවක් ලැබුණු බවට ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබේ.
මෙම නිළිය සහ කෙහෙල්බද්දර පද්මේ මුණගැසී ඇත්තේ ඩුබායි හි පැවති අලුත් අවුරුදු උත්සවයකදී වන අතර, එහිදී ඔහු තමන් ඩුබායි කේන්ද්‍ර කරගත් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු ලෙස එම නිළියට හඳුන්වා දී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් සැක පළ කරන්නේ, ඔහුගේ එම ව්‍යාජ ස්වරූපයට රැවටීම හේතුවෙන් ඇය මෙම චිත්‍රපට ආරාධනාව සිදු කරන්නට ඇති බවයි. අදාළ නිළිය නිතර ඩුබායි බලා පිටත්ව යන තැනැත්තියක් බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
කෙහෙල්බද්දර පද්මේ සතුව තිබී සොයාගත් ජංගම දුරකථනයේ දත්ත පරීක්ෂා කිරීමේදී, ඔහු ඇසුරු කළ බවට පෙනී ගිය නිරූපණ ශිල්පිනියන් සහ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකුගෙන්ම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇත. ඉන් සිව් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඔවුන් සියල්ලන් පවසා ඇත්තේ 2022 වසරේ ඩුබායි හි පැවති අලුත් අවුරුදු උත්සවයේදී පද්මේව හඳුනාගත් බවයි. එහිදී අනෙකුත් රසිකයන් මෙන් ඔහු ද තමන් සමඟ ඡායාරූප ලබා ගත්තා මිස, ඉන් එහා ගිය කිසිදු සම්බන්ධතාවක් නොපැවති බව එම ශිල්පිනියන් විමර්ශකයන්ට අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත්, කෙහෙල්බද්දර පද්මේට චිත්‍රපට නිෂ්පාදනය සහ රංගනය සඳහා ආරාධනා කළ බව කියන ප්‍රධාන නිළියගෙන් මෙතෙක් ප්‍රශ්න කිරීම් සිදු කර නොමැත. ඉදිරි දින කිහිපය තුළ ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
gossip lanka news
