ගමම හැඩ වූ 20 හැවිරිදි තරුණයා
ත්රිකුණාමලය හොරොව්පොතාන මාර්ගයේ දහයක කනුව ප්රදේශයේදී ඊයේ (13) යතුරු පැදිකරුයක් බස්රථයක ගැටී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත් වූ බව මොරවැව පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආනවින්දවැව, කපුගොල්ලෑව, හොරොව්පොතාන ලිපිනයේ පදිංචිව සිටි ඒ.යූ. සහීල් අහමඩ් නමැති 20 හැවිරිදි තරුණයෙකි.
හොරොව්පොතාන දෙස සිට ත්රිකුණාමලය දෙසට ගමන් කළ පෞද්ගලික බස් රථයක, එම මාර්ගයේ දහය කණුව ප්රදේශයේදී යතුරු පැදිකරුවා ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබූ අතර එම සැකකරු අධිකරණය ඉදිරිපත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් මොරවැව පොලිසියේ රථ වාහන අංශ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වයි.
