රටම හඩවමින් අවසන් ගමන් ගියපු බිරිද සහ සැමියා
වැලිමඩ, බෝගහකුඹුර ප්රදේශයට පෙරේදා (17) ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ කන්දේපුහුල්පොළ ඔයේ ජල පහරට හසුවීමෙන් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයකු හා ඔහුගේ බිරිය දියේ ගසාගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසීය.
එලෙස ගසාගෙන ගොස් ඇත්තේ දික්වත්ත, වංගියකුඹුර, කන්දේපුහුල්පොළ ලිපිනයේ පදිංචිව සිටි ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ රාජකාරි කළ 37 හැවිරිදි ඩී.එම්. අචින්ත ලක්මාල් මධුෂංක නැමැති සැරයන් හා ඔහුගේ බිරිය වන එච්.එම්. නාලිනි (33) නැමැති අය බව බෝගහකුඹුර පොලීසිය පවසයි. සැඩ පහරට හසුව පෙරේදා (17) පස්වරුවේ පොලිස් සැරයන් හා ඔහුගේ බිරිය ගසාගෙන ගිය අතර සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝමීටර් පහක් පමණ පහළ පිහිටි බොරලන්ද, වංගියකුඹුර, කුඩුගලේ පාලම අසල තිබී පෙරේදා (17) සවස කාන්තාවගේ සිරුර හමුවිය.
බිරිය සමඟ බෝගහකුඹුර, කන්දේපුහුල්පොළ ඔයෙන් එගොඩවීමට යෑමේදී එහි සැඩ පහරට හසුව ගසාගෙන ගොස් පෙරේදා (17) පස්වරුවේ අතුරුදන් වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්ගේ මළ සිරුර, සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝමීටර් 15ක් පමණ පහළ පිහිටි බොරලන්ද, කට්ටකන්ද ප්රදේශයේ ඔය ඉවුරට ගොඩගසා තිබියදී ඊයේ (18) දහවල් ගොඩගත් බව බෝගහකුඹුර පොලීසිය පවසයි. ගල්වල හැපීම හේතුවෙන් සැරයන්ගේ හිසට හා සිරුරේ සෙසු කොටස්වලට හානි සිදුවී තිබුණි. සිද්ධියට මුහුණු දුන් සැරයන් හා බිරිය ඔයෙන් මෙපිට පිහිටි තම කුඹුරු ඉඩමේ වැඩ නිමකර සවස සිය නිවෙස බලා යෑමට කන්දේපුහුල්පොළ ඔයෙන් එගොඩ වීමට යෑමේදී මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා තිබේ. බෝගහකුඹුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මියගිය තැනැත්තියගේ දේහය බොරලන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
බදුල්ල සමූහ
නිශාන්ත අබේගුණවර්ධන,
මීගහකිවුල සමූහ
එන්. නවරත්න,
හාලිඇළ සමූහ
ආර්.එම්. විජේරත්න,
සී. ගමගේ
සොරණාතොට සමූහ,
මීගහකිවුල සමූහ එන්. නවරත්න
