කොල්ලුපිටිය හෝටලයේ ගැටුමට හේතුව මෙන්න
කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආපනශාලාවක් ඉදිරිපිට සිදුවූ ගැටුමකින් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ අදාළ ආපනශාලාවේ සේවකයෙක්.
අදාළ ආපන ශාලාවට බීමතින් පැමිණි පිරිසක් ආහාර ඇණවුම් කර ඇති අතර, එය ප්‍රමාදවීම හේතුවෙන් සේවකයින් සමග බහින්බස්වීමක් සිදුව ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ එහිදී දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති බවයි. අදාළ ගැටුම සම්බන්ධයෙන් ආපනශාලා පාර්ශවයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ, මේ ගැටුම සිදුවන අවස්ථාවේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන එම ස්ථානයේ CCTV දර්ශන ඔස්සේ සිදුකරන බවයි.
