හදිසියේම රතු නිවේදනයක්
ගල් ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් අම්පාර ඉඟිනිගල සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාවය මේ වන විට ජලාශයේ උපරිම ධාරිතාව දක්වා ළඟා වෙමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
පසුගිය පැය 24 තුළ තවදුරටත් දැඩි වර්ෂාපතනයක් ඇති වූ නිසා ගල් ඔය ගඟෙහි සේනානායක සමුද්‍රයට පහළ ප්‍රදේශය ගංවතුරු තත්ත්වයක් කරා ළඟා වී ඇත.
මේ අනුව සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවන නිසා ගල් ඔය ජලාශයේ ජල මට්ටම ඉහළ යෑම නිසා හදිසි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකිය
මේ නිසා දමන ,අම්පාර ,එරගම ,අඩ්ඩලච්චේනායි ,සමන්තුරෙයි ,නින්දවූර් ,කරතිව් ,සයින්දමරුදු,කල්මුනේ ,නවිතන්වේලි ,යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාසවල සහ ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාල පරිශ්‍රය ආශ්රිත පහත් බිම් වල වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන රථ වාහන රියදුරන් සහ මගීන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව දැනුවත් කර සිටියි
