මාලු කූරියෙක් සොරකම් කල පූස් තඩියා පොලිස් අත්තඩංගුවට
මාළු කූරියකු සොරකම් කරනු ලැබූ පූස් තඩියකු තායිලන්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් සංසරණය වන බව ඕස්ට්‍රේලියාවේ සෙවන් නිවුස් පුවත් සේවය වාර්තා කළේය.
ගාල් කර තිබූ යතුරු පැදියක එල්ලා තිබූ බෑගයක් ඉරා පූස් තඩියා මාළු කූරියා සොරා ගන්නා අයුරු ඉදිරියේ තිබූ සී.සී.ටීවී කැමරාවක සටහන් වී ඇති බවත් වහාම ක්‍රියාත්මක වූ තායිලන්ත පොලිසිය පසුව පූස් තඩියා අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති බවත් සඳහන් කළේය.
පූස් තඩියා පොලිසියට රැගෙන යන අවස්ථාවේ කටේ මාළු කූරියා නොසිටි බවත් මාළුවකු සොරකම් කළ පුසකු පොලිසියට රැගෙන යාම පොලිස් සේවයට කළ නිගාවක් බවත් පුවත් සේවා පැවැසුවේය.
එම වීඩියෝව සෙවන් නිවුස් පුවත් සේවය ඔවුන්ගේ ටික්ටොක් ගිණුමටද උඩුගත කර තිබූ අතර දිනක් තුළ එම වීඩියෝව මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් නරඹා තිබිණි.
උපුටාගැනීම: අන්තර්ජාලයෙන්
