නාලන්දා සිද්ධිය නොසිතූ පැත්තකට පෙරළෙයි ගුරුවරියන් දෙදෙනාත් පාසලෙන් මාරුවෙලා
කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට අදාළව සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන සිද්ධිය මීට වසර දෙකකට පෙර සිදුවූවක් වන අතර ඊට සම්බන්ධ ගුරුවරියන් දෙදෙනා ද මේ වන විට පාසලෙන් මාරු වී ගොස් ඇතැයි අනාවරණය වේ. එක් ගුරුවරියක් මාරු වී ගොස් ඇත්තේ මීට මාස හයකට පමණ පෙර ය. අනෙක් ගුරුවරිය මීට මාසයකට පමණ පෙර මාරු වී ගොස් තිබේ. සිද්ධියට සම්බන්ධ අනෙක් දෙදෙනාගෙන් එක් අයෙක් පාසලේ මවක වන අතර අනෙක් තැනැත්තිය පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකින් පුහුණුවක් සඳහා පාසලට පැමිණි අයෙකි.
මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන ශිෂ්‍ය නායකයා උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ ඉකුත් 2024 දී වන අතර ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස පත් කර ඇත්තේ විභාගයෙන් පසුව වසරක කාලයක් සඳහා ය. සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන අනාවරණය වී ඇත්තේ ඉකුත් 11 වැනිදා ය. එදින ම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති පාසල් පරිපාලනය 16 වැනිදා එම සිසුවා ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරින් ඉවත් කර තිබේ. පසුව සිද්ධියට අදාළ වාර්තාවක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ද ලබා දී ඇත.
මෙම සිසුවා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වී තිබෙන අතර සිද්ධිය ප්‍රචාරය වීමත් සමග එම ආයතනයෙන් ද සිසුවා ඉවත් කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කීවේය.
අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙම පාසලේ උත්සවයක ප්‍රධාන ආරාධිත ලෙස පසුගිය සිකුරාදා (23 වැනිදා) පැමිණ ඇති අතර සිද්ධියට අදාළ ප්‍රචාරය සමාජ මාධ්‍ය ඔස්සේ ආරම්භ කර ඇත්තේ ද එදින ය. වීඩියෝ දර්ශන අනාවරණය වූ දින සිට ඒ දක්වා සමාජ මාධ්‍යයෙන් කිසිදු ප්‍රචාරණයක් සිදු වී නොමැති බව එම පාසලේ ප්‍රකාශකයෙක් පැවසීය
