යාලුවාගේ අවමගුල් උස්සවයේදී බයික්වලින් වැඩ දැම්ම සෙට් එකට අධිරකණයෙන් දීපු අපූරු තීන්දුව
2026.01.16 දින රාත්රියේ රත්නපුර – පානදුර ඉළිඹ හංදිය අසලදී තරඟකාරී අයුරින් යතුරුපැදි ධාවනය කළ යතුරුපැදිකරුවන් දෙදෙනෙකු අනතුරට ලක්වූ සිද්ධියට අදාළව හොරණ පොලිස් ස්ථානයේ නිලධාරීන් 2026.01.27 වන දින සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එදින තරඟය සංවිධානය කිරීම, ඒ් සඳහා ආධාර අනුබල දීම, වීඩියෝගත කරමින් ආධාර අනුබල දීම, මහජන පීඩාවක් සිදුකිරීම යටතේ ඔවුන් සැකකරුවන් ලෙස හොරණ ගරු මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත්කරීමෙන් ගරු අධිකරණය 2026.02.02 වන දින නඩු වාරය තෙක් එම සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
පෝරුවදණ්ඩ, ගල්පාත හා කරඳන ප්රදේශයේ පදිංචිකරුවන් වන එම සිව්දෙනා අවුරුදු 19,21,24,25 වයසේ පසුවන්නන් ය.
එමෙන්ම, 2026.01.19 දින පැවති අනතුරින් මියගිය 18 හැවිරිදි තරුණයාගේ අවමගුල් උත්සවය ආසන්නයේ ගමන්කල යතුරුපැදි පෙළපාලියේ අපරීක්ෂාකාරී ලෙස තනි රෝදයෙන් රිය පැදවූ දෙදෙනෙකු හොරණ පොලිස් ස්ථානය විසින් 2026.01.23 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් දෙදෙනා 2026.02.06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
යතුරුපැදි පෙළපාලිය දැක්වුන් වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමේදී යතුරුපැදියේ විරුද්ධ දිශාවට හැරී අසුන්ගෙන අනාරක්ෂිත ලෙස පෙළපාලිය වීඩියෝ ගතකළ 18 හැවිරිදි තරුණයින් දෙදෙනෙකුද 2026.01.28 දින අත්අඩංගුවට ගෙන ගරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
හොරණ හා අගුරුවාතොට පදිංචිකරුවන් වන එම සැකකරුවන් දෙදෙනාද 2026.02.02 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගරු අධිකරණය නියෝග කර තිබේ.
මෙම සැකකරුවන් අතරින් යතුරුපැදි 03 ක් නීති විරෝධී අරින් එකලස් කර ධාවනය සඳහා යොදාගත් යතුරුපැදිද අනාවරණය කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්රියාත්මක අතර සැකකරුවන්ගේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂනය කර තවත් තොරතුරු අනාවරණය කර ගැනීමට නියමිතය.
