මේ දැන්ම Data/WiFi Off කරන්න ඔබේ ජීවිතය අනතුරේ
ඔබත් කවදා හරි මෙහෙම හිතලා තියෙනවද? “මම මේ දැන් යාළුවෙක් එක්ක කතා කරපු බඩු ගැන ෆේස්බුක් එකේ Ads වැටෙන්නේ කොහොමද? මම ඒක Search කළෙත් නෑනේ!” කියලා.
ඇත්තටම ඔබේ දුරකථනය ඔබ පවසන දේවල් “හොරෙන් අහගෙන ඉන්නවා” කිව්වොත් ඔබ පුදුම වෙයි. අද කාලේ Data සහ WiFi On කරලා තියෙනවා කියන්නේ ඔබේ පෞද්ගලික කාමරයට ඔත්තුකරුවෙක් දාගත්තා වගේ වැඩක්. මේ ගැන සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහක් ඇති වෙලා තියෙනවා.
ඔබේ පෞද්ගලිකත්වයයි, බැංකු ගිණුමයි බේරගන්න නම්, මේ කියන අවස්ථා 10 දී අනිවාර්යයෙන්ම Data Off කරන්න කියලා තාක්ෂණික විශේෂඥයෝ අනතුරු අඟවනවා.
මේ තමයි ඒ “භයානක” අවස්ථා 10:
01. බැංකු රහස් කියන වෙලාවට:
ඔබ කාට හරි Password එකක්, බැංකු ගිණුම් අංකයක් කියන වෙලාවට Data On එකේ තිබ්බොත්, සමහර අනාරක්ෂිත Apps හරහා ඒ දත්ත පිටතට යන්න පුළුවන්. ඒ නිසා සල්ලි ගනුදෙනු ගැන කතා කරද්දී Data Off එකේ තියාගන්න.
02. දොස්තර හම්බවෙන්න ගියාම:
ඔබේ ලෙඩ ගැන දොස්තර එක්ක කතා කරද්දී Data On තිබ්බොත්, පස්සේ කාලෙක ඔබේ News Feed එක පුරාම බෙහෙත් ජාති සහ ඉන්ෂුවරන්ස් Ads පිරෙයි. algorithms ඔබව “රෝගියෙක්” විදියට මාර්ක් කරගන්නවා.
03. පවුලේ රණ්ඩු මැද්දේ:
බිරිඳ හෝ සැමියා එක්ක බහින්බස් වෙනකොට Data Off කරන්න. නැත්නම් ඔබේ කටහඬේ තියෙන ආතතිය හඳුනාගෙන, ඔබට “දික්කසාද නීතිඥයෝ” ගැන Ads පෙන්වන්න පවා මේ සිස්ටම් එකට පුළුවන්.
04. ට්‍රිප් එකක් ප්ලෑන් කරද්දී:
“අපි ලබන මාසේ නුවරඑළිය යමු” කියලා ෆෝන් එක ගාව කතා කළොත්, ටිකට් වල සහ හොටෙල් වල ගණන් එකපාරටම වැඩි වෙන්න පුළුවන්. ඒකට කියන්නේ Dynamic Pricing කියලා. ටිකට් බුක් කරන්න කලින් Data Off කරලා ප්ලෑන් කරන්න.
05. රෑට නිදාගන්නකොට:
Data On කරලා නිදාගත්තම Notifications නිසා නින්ද කැඩෙනවා විතරක් නෙවෙයි, ෆෝන් එකෙන් නිකුත් කරන Radiation මට්ටමත් වැඩි වෙනවා. හොඳම දේ Airplane Mode දාන එකයි.
06. නීතිමය කටයුතු වලදී:
ඔබ නීතිඥයෙක් හමුවෙලා නඩුවක් ගැන හෝ රහසිගත දෙයක් කතා කරනවා නම්, වහාම Data Off කරන්න. ඔබේ දත්ත අවභාවිතා වෙන්න තියෙන අවදානම ඉතා වැඩියි.
07. ෆෝන් එක චාජ් කරද්දී:
චාජ් වෙන ගමන් Data On තිබ්බොත් Background Apps නිසා ෆෝන් එක රත් වෙලා බැටරිය ඉක්මනටම සවුත්තු වෙන්න පුළුවන්.
08. සිග්නල් නැති තැන් වලදී:
සිග්නල් කට්ටක්වත් නැති තැනක Data On කරලා තිබ්බොත්, ෆෝන් එක තියෙන උපරිම හයිය දාලා සිග්නල් හොයන්න බලනවා. එතකොට බැටරිය නිකම්ම බැහැලා යනවා.
09. ඇඳුම් මාරු කරන තැන්වලදී:
මේක විහිළුවක් නෙවෙයි. සමහර නරක Apps හරහා ඔබේ කැමරාව හොරෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා නාන කාමරයට හෝ ඇඳුම් මාරු කරන තැන්වලට යද්දී Data Off කරලා යන එක ඇඟට ගුණයි.
10. ජීවිතේ වටිනාම මොහොතකදී:
පවුලේ අය එක්ක කෑම කනකොට, දරුවෙක් එක්ක සෙල්ලම් කරනකොට ෆෝන් එක පැත්තකින් තියන්න. එක Notification එකකින් ඔබේ ඒ වටිනා සතුට විනාශ වෙන්න ඉඩ දෙන්න එපා.
මතක තබාගන්න. තාක්ෂණය අපිට උදව්වක් වුණත්, අපිව පාලනය කරන්න ඉඩ දෙන්න එපා.
