ආයෙ වාහනේ දුන්නොත් අත්වෙන ඉරණම මෙන්න
ලංකාවේ පාරවල් ලේ විලක් වෙද්දී, රථ වාහන පොලිසියෙන් දෙමව්පියන්ගේ ඇඟ කිළිපොලා යන පුවතක් අද අනාවරණය කළා.
ඒ, වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට හොර රහසේ වාහන පදවන්න දෙන දෙමව්පියන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයයි.
රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා ඊයේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කළා. මේ වසර ආරම්භයේ සිට පසුගිය 08 වනදා දක්වා වූ කෙටි කාලය තුළ සිදුව ඇති විනාශය මෙන්න.
මාරක රිය අනතුරු සංඛ්‍යාව: 457 ක්!
අහිමි වූ ජීවිත ගණන: 475 ක්!
පසුගිය වසරේ මේ කාලයට වඩා අනතුරු 50 කින් සහ මරණ 56 කින් මෙවර ප්‍රමාණය ඉහළ ගොස් තිබීම බරපතල තත්ත්වයක් බවයි වාර්තා වෙන්නේ. “බාල වයස්කාර දරුවන් පාරට වාහන දැමීම මේ මරණ වලට ප්‍රධාන හේතුවක් වෙලා..” – නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
බලපත්‍ර නොමැතිව තම දරුවන්ට යතුරුපැදි, ත්‍රිරෝද රථ හෝ මෝටර් රථ පදවන්නට ඉඩ දෙන දෙමව්පියන් දැන් පරෙස්සම් විය යුතුයි. දරුවාට නීතිය ක්‍රියාත්මක වෙනවා වගේම, වාහනය ලබා දුන් දෙමව්පියන්ට හෝ භාරකරුවන්ටද මින් ඉදිරියට ගැලවීමක් නැති බවයි පොලිසිය පවසන්නේ.
උපුටාගැනීම: හිරුගොසිප්
