කිරි ගහට ඇන්න වගේ සාත්තර කියන ගුරාගේ සායම යයි
ඔහු කියන අනාවැකි හරියටම හරි.. මේ නිසා බොහෝ දෙනෙක් ඔහු සොයා පැමිණෙන එක සාමාන්‍ය සිරිතක් වුණා.
මේ නිසාම දුකට පත් ජනතාව ඔහු වෙත පෝලිමේ ගියා. වැඩේ කියනුයේ ගියදාම අංජනම නොකීමයි. ඒ වෙනුවට දිනයක් ගතයුතුය. ඒ දිනය දෙනුයේ ලබාදෙන දුරකතන ඇමතුම් අංකය සහ ලිපිනය අනුවය. එසේ දිනය ලැබෙන්නද කාලයක් ගතවීම මෙතන සාමාන්‍ය තත්වයක්.
මේ අංජනම්කරු වෙත මේ හාදයාද ගියා. එහි ප්‍රතිපත්ති අනුව ඔහු තමාගේ නම දුරකතන අංකය දුන්නා. ලිපිනයද එහි සටහන් කර ආවා. කාලයක් ගෙවී ගියා. ඔහුට අංජනම්කරුගෙන් කැඳවීමක් නොලැබුණේ නැහැ. තවත් කාලයක් ගියද අංජනම්කරුගෙන් තමාට කිසිම කැඳවීමක් නොලැබුණා. බැරිම තැන ඔහු එම අංජනම්කරු සොයාගෙන ගියා. ඒ සඳහා මුලින්ම හමුවිය යුත්තේ අංජනම්කරුගේ සහයකයාය. ඒ අනුව ඔහු සහයකයා හමුවුණ අතර, තමාගේ දුක්ගැනවිල්ල කිව්වා.
මෙතෙක් කලක් තමාට අංජනමක් බැලීමට කැඳවීමක් නොලැබුණු බව කීවා. සහායකයා ඔහු පැමිණි පළමු දිනය ඇසුවේය. ඒ දිනය පොතෙන් හරවාගෙන දුන් ලිපිනය විමසුවා. ඒ අනුව මේ හාදයා තමාදුන් ලිපිනය පොතේ සටහන් කරගත් තැන සහයකයාට පෙන්නුවා.
අයියෝ මේකද ලිපිනය අපි මේ ලිපිනය ගැන සෙව්වා ඒ ලිපිනයේ එහේම කෙනෙක් නැහැනේ සහයකයා කිව්වා නොව හදිසියට ඔහුගේ කටින් පැන්නා. මොකටද මගේ ලිපිනය ඔහු සහායකයාගෙන් ඇසුවා. වෙන මොහොකටවත් නෙමෙයි මෙතනට එන අය කිලි කාරයන්ද කියලා සොයලා බලන්නයි අපි ලිපිනය ගන්නේ යයි සහයකයා ගොත ගසා කිවා.
මිනිහට වැඩේ තේරුණා. ආ එහෙනම් ඔයාගේ බොසා අසවලින් ආ තැනැත්තා එන්නයි කියා කතා කරලා බලන් හිටිය වගේ කියන්න හේතුව මේකයි කියමින් සහයකයා ද නිරුත්තර කරමින් එතනින් මාරුවුණාලු.
