රටටම පේන්න පුතාව පලවෙනියා කරන්න ගිය අම්මාට අත් වුන ඉරණම
මගේ මතකය පටන් ගන්නේම පොත් ගොඩක් අස්සෙන්. මම ඉපදුණේ අම්මගේ “ගෞරවය” රකින්න මිසක් ජීවත් වෙන්න නෙවෙයි කියලා මට තේරුණේ මම පහ වසරේ ශිෂ්යත්වේ කරපු දවසේ. මම ශීෂ්යත්වෙන් ලකුණු 192 ක් ගත්තා. හැබැයි අම්මා මගේ ලකුණු ගැන සතුටු වෙනවා වෙනුවට ඇහුවේ, “ඉතිරි ලකුණු 8 ට මොකද වුණේ කියලා. එහා ගෙදර වසන්තිගේ දුව 196 ක් අරන් තියෙද්දී උඹ මාව ලැජ්ජා කළා කියලා මට හොදමටම කෑ ගැහුවා.
එදා ඉඳන් මගේ ජීවිතේ “තරඟයක්” වුණා. මම උදේ හතරට නැගිටලා පාඩම් කරන්න ඕනේ. ඉස්කෝලේ ඇරුණු ගමන් ක්ලාස් තුනකට යන්න ඕනේ. මම සෙල්ලම් කරනවට අම්මා වෛර කළා. මගේ චිත්ර පොත් ටික අම්මා ගිනි තිබ්බේ “ඕවායින් මොලේ පිරෙන්නේ නෑ, දොස්තර කෙනෙක් වෙයන්” කියලා කෑගහලා.
මම ඒ ලෙවල් කළේ මහා බයකින්. හැමදාම රෑට මට හීනෙන් පෙනුණේ මම විභාගෙන් ෆේල් වෙනවා වගේ. මම රිසාල්ට්ස් දාලා මෙඩිකල් ෆැකල්ටි එකට තේරුණා. එදා අම්මා ගම වටේටම කිරිබත් දුන්නා. හැබැයි මගේ හිත ඇතුළේ තිබුණු ඒ හිස් බව කවුරුත් දැක්කේ නෑ.
කැම්පස් එකේදී මට දරාගන්න බැරි වුණා. මහා පොත් කන්දරාවක් පාඩම් කරද්දී මට ඇහුණේ අම්මා මගේ කන ළඟ ඉඳන් “පළමුවැන්නා වෙයන්.. නැත්නම් මැරියන්” කියලා කෑගහන සද්දය විතරයි. මට නින්ද ගියේ නැහැ. මම තනියම හිනා වෙන්න ගත්තා. පොත් වල අකුරු මට පෙනුණේ මාව ගිලගන්න එන සත්තු වගේ.
අන්තිමට මගේ මොළය ඒ පීඩනය දරාගන්න බැරුව නතර වුණා.. 😭
දවසක් මම ලෙක්චර් හෝල් එක මැද “මට චිත්ර අඳින්න ඕනේ.. මට සින්දු කියන්න ඕනේ..” කියලා මහා හයියෙන් කෑගහලා හිනා වුණා. එදා තමයි කැම්පස් එකේ කට්ටිය මාව මානසික රෝහලට ඇතුළත් කළේ.
අම්මා මාව බලන්න ආපු මුල්ම දවසේ මම එයාගේ දිහා බලාගෙන හිනා වුණා. “දැන් සතුටුයිද අම්මේ? මම දැන් දොස්තර කෙනෙක්. ඔයාගේ තරඟය දැන් ඉවරයි නේද?” මම එහෙම අහද්දී අම්මා මහා හයියෙන් ඇඬුවා.
අද මම රෝහලේ වත්තක ඉඳගෙන පස් වල චිත්ර අඳිනවා. මට දැන් තරඟ නෑ. මට දැන් පළමුවැන්නා වෙන්න ඕන නෑ. හැබැයි අම්මා අද ගමේ පාරක යන්නේ මූණ බිමට නමාගෙන. එයාට ඕන වුණේ ලෝකෙට පේන්න මාව දොස්තර කෙනෙක් කරන්න . හැබැයි එයාට ඉතිරි වුණේ තමන්ගේ බලාපොරොත්තු හින්දම විනාශ වුණු, බිඳුණු පිස්සෙක් විතරයි.
ඔබේ පවුලේ හෝ යාළුවන්ගේ දරුවන්ටත් මෙහෙම බලපෑම් කරනවා නම්, මේ කතාව ඒ අයටත් පේන්න Share කරන්න.
