බැන්දට පස්සෙ සැප සම්පත් නිසා අයියාවත් අත්හැර දැමූ නැගනිය
මට වඩා අවුරුදු අටක් බාල නංගි කෙනෙක් මට ඉන්නවා.. අම්මයි තාත්තයි හදිසියේම නැති වුණ නිසා මම දහය වසරේදීම ඉගෙනීම නැවැත්තුවා. මට ඕන වුණේ මගේ නංගිට කොහොම හරි හොදට උගන්වන්න. මට නොලැබිච්මච දේවල් එයාට දෙන්න. මම දවල්ට පෙදරේරු වැඩට ගියා, රෑට මාකට් එකේ ලොරි වලට බඩු පටවන්න ගියා.
නංගි හොදට ඉගෙනගෙන කැම්පස් ගියා. කැම්පස් එකේ දෙවැනි අවුරුද්දේ ඉද්දී තමයි ඒ අවාසනාවන්ත දේ වුණේ. නංගිගේ වකුගඩුවක් වැඩ කරන්නේ නැතුව ගියා. මම හැමතැනින්ම සල්ලි ඉල්ලුවා.. ඒත් ඔපරේෂන් එකට ඕන කරන සල්ලියි, ගැලපෙන වකුගඩුවකුයි හොයන්න මට බැරි වුණා. අන්තිමට මම තීරණය කළා මගේ වකුගඩුවක් නංගිට දෙන්න.
හැබැයි මම නංගිට ඒ ගැන කිව්වේ නෑ.. 😭රහසක් විදිහට තියාගත්තා.
මම නංගිට කිව්වේ දායකයෙක් හම්බුණා කියලා. නංගි සුව වුණා. . මට කලින් වගේ බර වැඩ කරන්න බැරි වුණා. මාව බාස් කමින් අයින් කළා . මම අන්තිමට පාරේ එළවළු විකුණන්න ගත්තා.
නංගි ඉගෙනගෙන ඉවර වෙලා ලොකු රස්සාවකට ගියා. එයා ආදරේ කළේ මහා පෝසත් පවුලක පුතෙකුට. ඒ අය අපේ ගෙදරට ආපු දවසේ නංගි බදින්න ඉන්න මල්ලිගේ අම්මා මගේ දිහා බැලුවේ හරිම පිළිකුලෙන්. “අපි මේ සම්බන්ධයට කැමති වෙන්නම්.. හැබැයි මෙන්න මේ කොන්දේසිය මත. වෙඩින් එකෙන් පස්සේ මේ එළවළු විකුණන අයියා අපේ පවුලට ගාවගන්න බෑ. ඒක අපේ ගෞරවයට හොද මදි.
මම ඒ හැමදේම අහගෙන හිටියේ කුස්සියට වෙලා. මම හිතුවා නංගි මම වෙනුවෙන් කතා කරයි කියලා. නෑ එහෙම වුනේ නෑ… නංගි මොකුත්ම කිව්වේ නෑ. මම නංගිගේ මූණ බැලුවා. එයා බිම බලාගෙන හිටියා. එයාට ඕන වුණේ කොහොම හරි ඒ පෝසත් පවුලට එකතුවෙන්න විතරයි. එදා මම හිත හදාගත්තා. එක අතකින් නංගිත් වැරදි නෑ. එයාට විදින්න බැරි වුනු ලෝකය දැන් විදින්න ඕනේ කියලා හිතෙන්න ඇති.
“නංගියේ.. ඔයා බය වෙන්න එපා. මම ඔයාගේ ජීවිතේට බාධාවක් වෙන්නේ නෑ. ඔයා සතුටින් ඉන්නවා නම් මට ඒ ඇති.” මම හිනා වෙලා කිව්වා. මම නංගිගේ වෙඩින් එකකටවත් ගියේ නෑ.
අද මම තනියම පොඩි කුලී කාමරයක ඉන්නවා. මට දැන් වැඩක් කරගන්න පණ නෑ. නංගි මට මාසෙකට සැරයක් සල්ලි ටිකක් එවන්න හදනවා. හැබැයි මම ඒ සල්ලි ගන්නේ නෑ.
මම දුක් වෙන්නේ මගේ වකුගඩුව දුන්න එක ගැන නෙවෙයි, මම හදපු මගේ පණ වගේ නංගිගේ හදවත මෙච්චර ගල් වුණේ කොහොමද කියන එක ගැනයි..
මතක තබාගන්න: සමහර සහෝදරයෝ ඉන්නවා තමන්ගේ ජීවිතේම පූජා කරලා සහෝදරියන්ව රජ මාලිගාවලට යවන. හැබැයි ඒ මාලිගාවලට ගියාම ගොඩක් අයට තමන්ව මෙතනට ගේන්න පඩිපෙළක් වුණු අයියාව අමතක වෙනවා. ඔබත් ඔබේ සහෝදරයාගේ කැපකිරීම් අගය කරනවා නම්, මේ කතාව ඒ අයටත් පේන්න Share කරන්න.
ලෝකෙට නොපෙනෙන ලොකුම වීරයෝ ඉන්නේ අපේම පවුල් ඇතුළෙමයි.. 🙏🌸💔
