තමිල්නාඩු නව මහ ඇමති විජේට ජනපති අනුරගෙන් සුබ පැතුම්
තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දුන් සී. ජෝසප් විජේ හට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක් කර තිබේ.
X සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර ඓතිහාසික, සංස්කෘතික සහ ව්‍යවසාය සහ පාරම්පරික සබඳතාවලින් බැඳි ඇති බවය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වඩාත් සමීප සබඳතා සහ ශක්තිමත් හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීමට අඛණ්ඩව සිදු කරන බැවින් අනාගතයේදී අතිමහත් ආර්ථික පොරොන්දුවක් මෙන්ම අවස්ථාවන් පවතින බව එහි දැක්වේ.
ශක්තිමත් ඉන්දු – ලංකා හවුල්කාරිත්වය තුළ, වැඩි සමෘද්ධියක් සහ ප්‍රගතියක් සඳහා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ada derana
