රෝද තුනට සතුට ගෙනා ටුක් ටුක් මල්ලිලාටම දුන් පුදුම හිතෙන බදුල්ලේ දන්සල
පොසොන් පෝයට ලංකාවේ වටේම හැමතැනම බත්, අයිස්ක්‍රීම්, සරුවත්, කොත්තු දන්සල් වැහි වැහැලා තිබුණා ඔබට මතක ඇතිනේ.
හැබැයි මේ හැම සාම්ප්‍රදායික දන්සලක් අස්සෙන්ම, බදුල්ල පැත්තෙන් අහන්න ලැබුණේ සෑහෙන්න වෙනස්, ඒ වගේම මරු කතාවක්.
හැමෝම බඩගින්න නිවන්න දන්සල් දෙද්දී, බදුල්ලේ සෙට් එකක් තීරණය කරලා තිබුණා හැමදාම පාරේ කට්ට කන ත්‍රීවීල් මල්ලිලාගේ, අයියලාගේ බඩ විතරක් නෙවෙයි… එයාලගේ ජීවනෝපාය වෙන “රෝද තුනටත් සතුටක්” දෙන්න..
බදුල්ලේ තිබෙන ප්‍රසිද්ධ Auto Engineering ආයතනයක් එකතු වෙලා පොසොන් පෝය වෙනුවෙන් අපූරු පින්කමක් සංවිධානය කරලා තිබුණා. ඒ තමයි “රෝද තුනට සතුට ගෙනෙන ග්‍රීස් දන්සල”.
මේ දන්සලෙන් සිද්ධ කළේ එතනට එන ඕනෑම ත්‍රීරෝද රථයකට නොමිලේම ග්‍රීස් ගහලා, සර්විස් එකක් දාලා දෙන එක.
සාමාන්‍යයෙන් බත් දන්සල් ළඟ පෝලිම් හැදෙන එක අහන්න දෙයක් නෙවෙයිනේ. හැබැයි මේ ග්‍රීස් දන්සල ආරම්භ කරපු ගමන් බදුල්ල නගරයේ ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් මුළු පළාතම පිරිලා ගිහින්. තමන්ගේ වාහනේ නොමිලේම ග්‍රීස් කරගන්න ත්‍රීවීල් පෝලිමේ ඉන්න රියදුරන්ගේ මුහුණුවල තිබුණේ මාරම සතුටක්.
හිරුගොසිප්
