පිටරට සිටි ලාංකීය දනපතියා අන්දා සල්ලි සූරාගත් අසිරිමත් සුරූපිනියෝ
ධනවත් පුද්ගලයෙකු මේ වන විට පදිංචිව සිටින්නේ ස්විස්ටර්ලන්තයේය. 53 හැවිරිදි ඔහු ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවයද ලබා සිටී.
මේ පුද්ගලය ගැනත් ඔහුගේ චර්යාවන් සහ අවශ්‍යතා ගැනත් හොඳින් අධ්‍යයනය කරන කතුන් දෙදෙනෙක් මේ ව්‍යාපාරිකයා රවටා ඔහු සතු මිල මුදල් ලබා ගැනීම සඳහා සැලැසුමක් සකස් කරන්නේ පසු ගියදාය. එම සැලැසුමට අනුව මේ කතුන් දෙදෙනා ඒ සඳහා යොදා ගන්නේ වයස අවුරුදු 23 ක යුවතියකි.
අදාළ යුවතිය යොදා සකස් කරන ලද ‘ටික් ටොක්’ විඩියෝවක් මේ කතුන් දෙදෙනා ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයාගේ ජංගම දුරකතනයට යවන්නේ ඉන් අනතුරුවය.
එම ටික් ටොක් වීඩියෝව නරඹන ශ්‍රී ලාංකිකයා එය තමාට එවු 23 හැවිරිදි යුවතියට කතා කර ඇය සමඟ මිතුදමක් ගොඩනඟා ගන්නේ දින කිහිපයකට පසුවය.
වැඩිහිටි කතුන් දෙදෙනාගේ සැලැසුම අකුරටම ක්‍රියාත්මක වන්නේ ඒ අයුරිනි. ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ධනවත් පුද්ගලයාට තම නිරුවත වීඩියෝ කෝල් ඔස්සේ දකින්නට සලස්වන යුවතිය ඉන් නොනැවති ලිංගික ක්‍රියාකාරකම්වලද නිරත වෙමින් එම දර්ශන වීඩියෝ කෝල් මගින් ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයාට දැකීමට සලස්වන්නේ තවත් ටික දවසකිනි.
මේ දෙදෙනා මෙලෙස නිරුවත් වීඩියෝ දර්ශන හුවමාරු කර ගනිද්දී තරුණිය ස්විස්ටර්ලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික ධනවතාගෙන් වියදමට මුදල් ඉල්ලුවාය. යුවතියගේ බැංකු ගිණුම් අංකය ගෙන්වා ගත් ධනවත් පුද්ගලයා ඇගේ ගිණුමට වතා කිහිපයකදී මුදල් යොමු කළේ ‘මතු බලාපොරොත්තු’ ඇතිවය. මෙලෙස ඔහු රුපියල් ලක්ෂ 50 ක් තරුණියට ටික කාලයක් ඇතුළතදී එවා තිබිණි.
තවත් දින කීපයක් ගත වෙද්දී තමා පෙම් කරන යුවතියගේ කිසියම් වෙනසක් ස්විස්ටර්ලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයාට දැනිණි. ඇය වෙනදා මෙන් තමාට වීඩියෝ කෝල් නොගන්නා බවද ඔහුට වැටහිනි. එක පාරටම තරුණියගේ ජංගම දුරකතනය ද ගොළු විය.
තම ශ්‍රී ලාංකික පෙම්වතිය කිසියම් කරදරයකට මුහුණ පා ඇතැයි සිතු ධනවත් පුද්ගලයා ඇය හමු වී ඇය සමඟ නිවාඩුවක් ගත කිරීමට සහ තමන්ගේ ඥාතීන් බැලීම සඳහා ස්විස්ටර්ලන්තයේ සිට මෙරටට එන්නේ පසුගියදාය.
ඔහු තම 23 හැවිරිදි පෙම්වතිය දුන් ලිපිනයට ඇය සොයා ගියත් එවැනි යුවතියක් එහි නැති බව දැනගෙන තමා කිසියම් කපටි කෙල්ලකට රැවටුණු බව තේරුම්ගෙන පොලිසියට එන්නේ මේ ගැන පැමිණිලි කිරීම සඳහාය.
පැමිණිල්ල සටහන්කර ගැනීමෙන් අනතුරුව පොලිසිය මුලින්ම සිදු කරන්නේ ධනවත් පුද්ගලයා මුදල් එවු මෙරට බැංකු ගිණුම කාගේදැයි පරීක්ෂා කිරීමයි. ඒ අනුව හෙළිවන්නේ මෙය වයස අවුරුදු 47 ක් පමණ වන කාන්තාවක් විසින් පවත්වාගෙන යන ගිණුමක් බවයි.
එම කාන්තාව සොයා ගිය පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී ස්විස්ටර්ලන්ත ධනපතියා ‘අන්දා’ ඔහුගෙන් මුදල් කඩා වඩා ගත් හැටි මුළුමනින්ම අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය. 23 හැවිරිදි යුවතිය සහ සෙසු කතුන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.
