අධිවේගී මාර්ගවල වේගය 60km/h කරන්නැයි දැනුම් දෙයි
අධිවේගී මාර්ග භාවිතයේදී සැළකිලිමත් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් පී.එච්.ගුණසිංහ මහතා පැවසීය.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඊට හේතුවයි.
රථවාහන ගමන් කිරීමේදී පැයට කිලෝමීටර් 60 ක වේග සීමාවේ ගමන් කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව පැවසීය.
අවම වශයෙන් වාහන දෙකක් අතර පරතරය මීටර් 50ක් හෝ තබා ගැනීම ඉතා වැදගත් බව වැඩිදුරටත් පැවසීය.