මහ මැතිවරණයට රජයේ සහ පෞද්ගලික අංශවලට නිවාඩු දෙන්නේ මේ විදිහට.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය භාවිත කිරීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීමට අදාළ විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ විශේෂ නිවාඩු පිළිබඳ ආයතන සංග්‍රහයේ 12වන පරිඡේදයේ 12/3 ඡේදයේ දක්වා ඇති පරිදි පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා අවම කාලය පැය 4ක් ලෙස ද ඡන්දය ප්‍රකාශ කිරීමට යාම පිණිස අවශ්‍ය යැයි හැඟෙන අඛණ්ඩ කාලයක් සදහා වැටුප් අඩුකිරීමකින් තොරව විශේෂ නිවාඩු ලබාදිය යුතු බවයි සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.