ට්රැක්ටරයෙන් පෙරළි අතුරුදන් වූ සිසුන් සිව් දෙනා ගමම හඩවා සොයා ගැනේ.
අම්පාර, කාර්තිව් ප්රදේශයේදී ට්රැක්ටර් රථයක් පෙරළීමෙන් නොවැම්බර් 26 වන දා සිදුවූ අනතුරින් අතුරුදන් වූ සිසුන් හතර දෙනෙකුගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, එම මෘත ශරීර ඊයේ (නොවැ. 27) සොයා ගෙන සමන්තුරය රෝහල වෙත ඇතුළත් කළ බව ය.
මෙලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 15 හා16 වයස්වල පසු වූ සමන්තුරය ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
පොලිසිය සඳහන් කළේ, නින්දවූර් සිට සමන්තුරය දෙසට ධාවනය කරමින් තිබියදී ට්රැක්ටර් රථය කාර්තිව් බස් නැවතුම්පොළ ආසන්නයේ පිහිටි පාලම අසලින් මෙලෙස පෙරළී අනතුර සිදුවී ඇති බව ය.
නාවික හමුදාව, පොලිසිය සහ ප්රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.