පාපන්දු තරගයක් අතරතුර ඇති වූ ගැ ටුමකින් 100 කට අධික පිරිසක් ම රුට
ගිනියාවේ පැවති පාපන්දු තරඟයකදී රසිකයින් අතර ඇති වූ ගැටුමකින් 100කට අධික පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගිනියාවේ දෙවන විශාලතම නගරය වන N’Zerekore හි ඊයේ (01) පැවති පාපන්දු තරගයකදී මෙම සිද්ධිය සිදුවී ඇති අතර, ගැටුමෙන් තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ පාපන්දු තරගය අතරතුර විනිසුරු ලබාදුන් තීරණයක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.