පොලීසිය විසින් කොළඹ පුරා ඩ්‍රෝන කැමරා යොදවයි
රථවාහන තදබදය නිරීක්ෂණය කිරීම සඳහා අද (02) සිට යළිත් ඩ්‍රෝන කැමරා යොදවන බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බවයි.
වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ඔහු පැවසුවේ ය.