දාහතේ සුදුතාත්ති සමග කාමරේට ගිය පහලවේ පෙම්වතියට දෙලොව රත්වෙයි
පෙම්වතුන් පෙම්වතියන් අතර ඇතිවන ආරවුල් අන්තිමේදී ‘අන්තර්ජාලයෙන්’ අවසන් වීමේ සිදුවීම් වාර්තා වීම නම් තවමත් අඩු නැත.
පෙම් කරන කාලයේ ඇතැම් පෙම්වතුන් පෙම්වතියන්ගේ නිරුවත් ඡායාරූප වීඩියෝ සහ දර්ශන වට්ස්ඇප් හෝ වෙනත් මාර්ගයකින් තමාගේ ජංගම දුරකතනයට ගෙන්වා ගන්නේ ආදරයටම නොවේ යැයි කිව නොහැකි නැත. එලෙස ගෙන්වා ගන්නා නිරුවත් ඡායාරූප, වීඩියෝ සහ දර්ශන පෙම්වතිය අමනාප වූවාට පසු ලෝකයටම දකින්නට නවතින්නේ අන්තර්ජාලයෙනි. එවැනි සිදුවීම් ඕනෑවටත් වඩා පසුගිය දිනවල වාර්තා වී තිබුණි.
ඇතැම් පෙම්වතුන් එතැනින් එහාටත් ගොහින් පෙම්වතියගේ නිරුවත් ඡායාරූප වීඩියෝ සහ දර්ශන අන්තර්ජාලයට මුදාහරිනවා කියා පෙම්වතියන්ගෙන් කප්පම් ලෙස මුදල් හෝ ලිංගික ඇසුර ලබාගත් අවස්ථා ගණනාවක් ද පොලිස් පොතේ පසුගිය කාලයේ ලියැවී තිබිණි. තම පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දමනවා කියා ඇගෙන් වරින්වර රුපියල් 34,500ක් ලබාගන්නා ලද පෙම්වතකු සොයා මිහින්තලේ පොලිසිය විමර්ශනයක් ද ආරම්භ කර තිබුණේ ද පසුගියදාය.
එම සිද්ධියේ උණුසුම නිවෙන්නටත් කලින් තවත් එවැනිම සිදුවීමක් පසුගියදා වාර්තා වුණේ වැලිගම මූලස්ථාන පොලිසියෙනි.
ඔහු දෙනියාය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකි. කිසිම රැකියාවක් නොකළ ඔහු නවීන ජංගම දුරකතනයක් ද පාවිච්චි කෙළේය.
මේ තරුණයාට මුහුණු පොතේ ගිණුමක් තිබුණි. යහළු යෙහෙළියන් රැසක් මුහුණු පොත ඔස්සේ ඇසුරු කළ මේ තරුණයා තමන් සමඟ මුහුණු පොතේ ‘චැට් කරන’ 15 හැවිරිදි දැරියක සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ කලක සිටය. එම සමීප සම්බන්ධතාව ප්‍රේමයකට පරිවර්තනය වීමට වැඩි කලක් ගතවූයේ නැත. දැන් 17 හැවිරිදි තරුණයාත් 15 හැවිරිදි දැරියත් පෙම්වතුන් සහ පෙම්වතියන්ය. දැරිය ඒ වන විට පාසල් අධ්‍යාපනය ලබමින් සිටියාය. දෙදෙනා අතර ප්‍රේම සබඳතාව මෙසේ පැවතෙද්දී 17 හැවිරිදි තරුණයා ඇය හමුවීමට වැලිගම ප්‍රදේශයට පැමිණෙන්නේ පසුගියදාය. දෙදෙනා හමුවී කතාබහ කර ටික වේලාවක් ගත කිරීමෙන් අනතුරුව තරුණයා දැරිය ද කැටුව නිවෙසකට යන්නේ එය හදිසියේ ගත් තීරණයක් ලෙස දැරියට හඟවමිනි.
පෙම්වතා සමඟ එහි ගිය දැරියට සිදුවන්නේ අනපේක්ෂිත සිදුවීමකි. අදාළ නිවෙසේ දැරිය සමඟ රාත්‍රිය ගත කිරීමට පෙම්වතා තීරණය කරන්නේ ඒ මොහොතේමය. දැරිය ඊට අකමැති වුවත් පෙම්වතාගේ ක්‍රියාව ප්‍රතික්ෂේප කිරීමට තරම් ශක්තියක් ඇයට නොතිබිණි.
පෙම්වතා සමඟ ගත කළ රාත්රියේදී ඇය ඔහු අතින් කෙලෙසුනාය. එහෙත් ඇයට කළ හැකි කිසිම දෙයක් නොවීය.
මේ අතර දැරිය ආගිය අතක් නැති බව දැනගත් මව ඇය සෙව්වාය. එසේ සොයන අතරේ ඇයට දැන ගැනීමට ලැබුණේ දැරිය පෙම්වතාගේ නිවසක සිටි බවයි.
දැරියගේ මව සහ පියා දැරිය සිටි නිවෙස වෙත ගොස් ඇය තමන් භාරයට ගන්නේ නිසි වයස එළැඹීමෙන් අනතුරුව දැරිය සහ පෙම්වතාගේ විවාහය සිදුකර දෙන බව කියමිනි.
තත්ත්වය එසේ තිබියදී නැවත දැරිය සොයා එන සැකකාර 17 හැවිරිදි තරුණයා ඇය නිවසට කැඳවාගෙන ගොස් ඇය කෙලෙසා තිබුණේ ඇගේ කැමැත්ත නොමැතිවය.
මේ අතර දැරිය පෙම්වතා මඟ හරින්නේ ඇයට ඔහුගෙන් මෙලෙස සිදුවන තාඩන පීඩන නිසාය.
මින් කෝපයට පත් සැකකාර 17 හැවිරිදි තරුණයා දැරියට තර්ජනය කරන්නේ ඔහු සතුව ඇති දැරියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමිනි.
තම දියණියට පෙම්වතාගෙන් සිදුවන අතවර හිරිහැර කරදර සහ තර්ජන ගැන දැරියගේ මව වැලිගම මූලස්ථාන පොලිසියට පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය.
වැලිගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.බී.කේ. උපුල් තුෂාරගේ උපදෙස් මත මේ පිළිබඳව විමර්ශන ආරම්භ කරන්නේ ළමා සහ කාන්තා කාර්යාංශයේ ආධුනික උප පොලිස් පරීක්ෂක දහම්, කාන්තා සැරයන් නන්දා කුමාරි (1557), කොස්තාපල්වරුන් වන පුල්ලෙපෙරුම (29264), සඳරුවන් (768), මධුමල්ක (99376) යන නිලධාරින් සහ නිලධාරිනියන් විසිනි.
එම නිලධාරින් සිදුකරන ලද විමර්ශනයෙන් අනතුරුව සැඟවී සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
මෙවැනිම ආකාරයකට යුවතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව කියා ඇයට තර්ජනය කළ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පසුගියදාය. එලෙස රිමාන්ඩ් භාරයට පත්කෙරුණේ මහනුවර අකුරණ පදිංචි පුද්ගලයෙකි.
මේ සැකකරු සහ යුවතියක අතර ‘මුහුණු පොත’ ඔස්සේ පැවැති සම්බන්ධතාවක් ප්‍රේමයකට පෙරැළි දෙදෙනා පෙම්වතුන් පෙම්වතියන් බවට පත්වී කාලය ගතකරන අතරතුරේදී එය බිඳී යාම නිසා උරණ වූ පෙම්වතා ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව කියා ඇයට තර්ජනය කර මුදල් ඉල්ලා ඇති බව විමර්ශනයේදී හෙළිවිය.
දීපාල් සමරසේකර