හිත පිරිසිදුනම් මූන කොහොමත් ලස්සනයි – සංජානා කියන කතාව
කවුරුත් ආදරේ කරන හුරුබුහුටි සුරූපිණියක්… ඇයට බොහෝ දෙනෙක් කැමතියි…. නව පරපුරේ තරු අතර ඇයට විශේෂ තැනක් හිමිවෙනවා… ඒ ඇයගේ දක්ශතාවයත් ආකර්ශණීය පෙනුමත් නිසා…
ඉතිං ඇය එක්ක අපි අපේ කතාබහ ආරම්භ කරමු….
ආයුබෝවන් සංජානා … ඉතිං කොහොමද ? මොනවාද ඔයාගේ අලුත් ආරංචි … ? ඒ ගැන කියලාම අපි කතාව පටන් ගනිමු නේද ?
ම්… මම ලංකාවට ආවේ මාස අටහමාරකට විතර පස්සේ … ඉතිං ලොකු කාලයක් මං ලංකාවෙන් පිට හිටියා… මම හිටියේ ඔස්ට්‍රේලියාවේ… ඉතිං දැන් ආව ගමන්නේ… දැන් වැඩවලට ටික ටික එකතු වෙනගමන් ඉන්නේ… ඉස්සරහට ලොකු වැඩ ටිකක් කරන්න පුළුවන් වෙයි…
2025 අවුරුද්ද ලඟ ලඟම එනවා… මොනවාද සංජානාට තියෙන dreams ?
2025 අවුරුද්දේ තියෙන පළවෙනිම ඩ්‍රීම් එක තමයි මගේ wedding එක… ඒක මගේ අවුරුදු දෙකතුනක් තිස්සේ දැකපු හීනයක් … ඉතිං කාර්යබහුලත්වයක් එක්ක wedding එක කල් ගියා… හස්බන්ඩ් ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ… එයා ඉන්නේ ඔස්ට්‍රේලියාවල… ඒ ප්‍රශ්ණත් එක්ක ඒක කල් ගියා… දැන් තමයි අපි ඩේට් බුක් කරලා හොටෙල් බුක් කරලා ඒක ෆයිනල් කරගත්තේ… ඔන්න ඒක තමා මගේ පළවෙනි හීනය 2025 අලුත් අවුරුද්දේ….
වාව්… ඒකනම් හරිම සතුටු හිතෙන ආරංචියක්… ඉතිං ඉතිං .. කවදා විතර ඒ සුන්දර හීනේ හැබෑ වෙනවා අපිට දකින්න පුළුවන් වේවිද ?
2025 මුල් කාලවකවානුවේ… ඒ කියන්නේ මුල් මාස තුන හතර පහ ඇතුලේ ඒක අනිවාර්යයෙන්ම සිද්දවේවී…
සංජානා.. වෙඩින් එකෙක් පස්සේ ලංකාවෙන් යන්න ප්ලෑන් කරලා තියෙනවා ද ?
හස්බන්ඩ් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ හින්දා එහෙත් ඉන්නවා … ලංකාවේ මට ගැළපෙන වැඩ ලැබුණොත් ඇවිත් ඒවා කරනවා… එහෙම තමයි හිතාගෙන ඉන්නේ….
මෙච්චර කාලෙකට කරන්න නොලැබුණ ඒත් ඔයා කරන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවා ද ?
ම්ම්….මං ආසයි නපුරු චරිතයකට… මොකද මට නොලැබුණ චරිතයක් තමයි ටිකක් නපුරු චරිතයක් … ඒ මොකද මට හැමවෙලාවෙම හම්බවෙන්නේ දඟකාර , විසේකාර , කටකාර චරිත … මම ආසයි ටිකක් එයින් ඔබ්බට ගිහිල්ලා … චුට්ටක් නපුරු චරිතයක් කරලා බලන්න …. මොකද එහෙම චරිතයක් ඇතුලේ ගොඩක් ප්ලේ කරන්න තියෙනවා … වෙනස් … මම කැමතියි එහෙම වෙනසකට….
නිළියක් වුණාම සුන්දරත්වය ගැන හිතනවානේ… ඔයා ලස්සනට ඉන්න කරන දේවල් එහෙමත් නැත්නම් ඔයා බිලිව් කරන දේවල් 3 ක් කියන්න ?
1 . අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව ඉන්න ට්‍රයි කරන්න ඕනි… මොකද එහෙම වෙන්න වෙන්න කුහකකම ඔලුවට එනවා… හදවතේ කුණු තිබ්බොත් ඒක මූණෙන් පේනවා… හදවත හොදින් තියාගෙන ඉන්න ඕනී… හිත පිරිසිදු නම් මූණ කොහොමත් ලස්සනයි ….
2. සුදුවෙන්න ක්‍රීම් ගාන්න කියලා මම කාටවත්ම කියන්නේ නැහැ … මොකද ඒකේ අතුරු ප්‍රතිඵල තියෙන්න පුළුවන් පසුකාලීනව…
3. ඊට අමතරව ස්භාවික දේවල් ඇඟට ගන්න පුළුවන්… තැඹිලි බොන්න.. කෑරට් ජූස් බොන්න … මම නිතරම ඒ දේවල් නම් කරනවා….
ඔබට යූ ටියුබ් චැනල් එකක් තියෙනවා නේද සංජානා ?
ඔව්ව්ව්… Youtube චැනල් එක පටන් අරන් දැනට අවුරුදු දෙකක් වගේ වෙන්නේ… පුංචි කාලයකදී මට සබ්ස්ක්‍රයිබස්ලා ලක්ෂයක් සම්පුර්ණ කරගන්න ලැබුණා… ඒක ඇත්තටම මගේ ජීවිතේට ලැබුණු ලොකූ සම්මානයක් විදිහට මම දකිනවා… ඉතිං මාත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂක ජනතාවට ගොඩක් පිං මාත් එක්ක එකතු වෙලා ඉන්නවාට… මම ඇත්තටම එයාලට ගොඩක් ආදරෙයි ….
මේ දවස් වල හිරුත් එක්ක මොනවා ද කරන්නේ… ?
මේ දවස් වල හිරුත් එක්ක ගොඩක් බිසී….එකක් 31 රෑ හිරු සිහින රැයක් එකේ රිහසල් යනවා… ඒ වගේම අපි හැමෝම අවුරුද්ද පුරාම බලාගෙන ඉන්න ක්‍රිස්මස් පාර්ටි එක … එදාට ලයිව් එක ප්‍රසන්ට් කරනවා… ඉතිං හිරුත් එක්ක මේ ටිකේම වැඩ…
සංජානා ඔයාට ආදරේ කරන රසිකයින්ට මේ 2025 අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුමක් තියෙනවා ද ?
ම්… ඔව්… එකම දේ 2025 අලුත් අවුරුද්දේ තමන් වෙනුවෙන් තමන්ට ආදරේ කරන්න… අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව පුළුවන් තරම් තමන්ට ආදරේ කරලා… ඉස්සරහා දැකලා වැඩ කරන්න … එතකොට හැමෝටම හොඳම හොඳ නීරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් ලැබේවී… එහෙම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා… ඒ වගේම සුබ නත්තලක් වෙන්න කියලත් පතනවා…
උපුටාගැනීම: හිරු ගොසිප්