පාසල් උපකරණ මිල දෙගුණයකින් ඉහලට
නව පාසල් වාරය ආරම්භ වීමට නියමිත පසුබිමක පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය මිලට ගැනීම සඳහා දරුවන්ගේ මව්පියන් මේ දිනවල යුහුසුළුව සිටියි.
මව්පියන්ද පෙන්වා දෙන්නේ පාසල් උපකරණවල මිල තවදුරටත් ඉහළ තලයක පවතින බවය.
එමෙන්ම ඔවුන් පසන්නේ ඇතැම් පාසල් උපකරණවල මිල ගණන් දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවය.
මේ අතර ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ රජය පාසල් උපකරණ සඳහා පනවා ඇති බද්ද ඉවත් කළහොත් මෙම තත්ත්වයට විසඳුමක් හිමි වන බවයි.
ඔවුන් පවසන්නේ පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමට රජය වහා පියවර ගත යුතු බවය.