සෙල්ෆියක් ගැසීමට ගිය දියණිය සහ මව යකඩ යකාට බිලි වෙයි
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය මවක සහ දියණියක දුම්රියක ගැටී ජීව්තක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය පවසනවා.
අනුරාධපුර මහජන ක්රීඩාංගනයේ පැවැත්වෙන තයිකොණ්ඩු තරගාවලියට සහභාගී වීමට පැමිණි දියණියක සහ මවක මෙසේ මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් රත්නපුර ප්රදේශයේ සිට අනුරාධපුරයට පැමිණ තිබෙන බවත් අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී කංකසංතුරේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමී දුම්රියක ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.
එම කාන්තාව සහ දියණිය එම ස්ථානයේදීම ජීවිතක්යට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.