බීමතින් රිය පදවන අය ඉවරයි මෙන්න පොලිසිවලට ලැබිලා තියෙන ගැජට් එක.
බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්ෂණ උපකරණ 150,000ක් දිවයිනේ සියලු ම පොලිස් ස්ථාන වෙත බෙදා හැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසයි.
mawbima.lk සිදු කළ විමසිමකදී ඔහු මේ බව සඳහන් කළේ ය.
මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ දීප ව්‍යාප්ත රථවාහන මෙහෙයුමක් ඊයේ (දෙසැ. 23) සිට ආරම්භ කෙරිණි.
පොලිසිය සඳහන් කළේ, පසුගිය දිනවල මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සිදුවූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් දිගින් දිගට ම එවැනි අනතුරු සිදුවීම අවම කර ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ය.
අනෙකුත් රථවාහන සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීම් සිදු කිරීම සඳහා දිවයින පුරා පැය 24ම ආවරණය වන පරිදි රථවාහන නිලධාරීන් රාජකාරියේ යොදවා තිබේ.
පොලිසිය සඳහන් කළේ, මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන කාලසීමාව තුළ අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීති උල්ලංඝණය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධයෙන් 119 හා 1997 යන කෙටි දුරකතන අංකවලට තොරතුරු ලබා දීමට මහ ජනතාවට හැකි බව ය.
මව්බිම