ජපන් යන්න හීන දකින අයට රජයෙන් සුබ ආරංචියක්
මෙරට ශ්රමිකයන්ට සිය රට තුළ නව රැකියා අවස්ථා රැසක් ලබාදීමට ජපානය ඊයේ (08දා) එකඟතාවය නිල වශයෙන් පළ කර ඇත.
ජපාන තානාපති ඉසොමතා අකිඕ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (08දා) ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්රමසිංහ මහතා එම කාර්යංශයේදී හමුවූ අවස්ථාවේ මෙම තීරණය දැනුම් දී තිබේ.
ජපානයේ වැඩිහිටි ජනගහණය ඉහළ යෑමත් සමග ඒ හා බැඳී ඇති රැකියා අවස්ථාවන් සඳහා වැඩි වශයෙන් විදේශ ශ්රමිකයන් එරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන අතර එහිදී, ශ්රී ලාංකිකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට කටයුතු කරන බවත් තානාපතිවරයා සඳහන් කර ඇත.
ජපානයේ රැකියා සඳහා යොමුවන ශ්රී ලාංකිකයන්ට ලබාදී ඇති පුහුණුව පිළිබඳව ජපාන තානාපතිවරයා සිය ප්රශංසාව දක්වා ඇති අතර මෙරට තරුණයන්ගේ සත්කාර ක්රමයන් ඉතා ඉහළින් අගය කර තිබේ.
මෙහිදී කාර්යාංශ සභාපති කෝශල වික්රමසිංහ මහතා විසින් ශ්රී ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදීම හා ඉදිරියේදී නව රැකියා ක්ෂේත්ර විවර කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කර ඇති අතර විදේශ රැකියා ක්ෂේත්රයට අදාළව ජපානයට සිය පූර්ණ සහයෝගය ලබාදීමට එකඟතාවය පළ කර ඇත.
සිරිමන්ත රත්නසේකර
උපුටා ගැනීම දිනමිණ