වාහන ආනයනයත් සමඟ ලංකාවේ පරණ වාහන මිල යලිත් පහළට.
වාහන ආනයනය සඳහා දැනට පනවා ඇති බදු සීමාවන් වෙනස් කළහොත් වෙළඳපොළේ වාහනවල විකුණුම් මිල ගණන්ද වෙනස් වන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ඔවුන් කියා සිටියේ රජය විසින් බදු අනුපාත වැඩි කළහොත් වාහන මිල ස්වයංක්‍රීයව ඉහළ යන බවත්, බදු අනුපාත අඩු කළහොත් වාහන මිල අඩු වන බවයි.
මේ වන විට වෙළඳපොළේ ඇති දේශීය ජපන් මෝටර් රථයක් සඳහා අය කරන බදු මුදල එහි නිෂ්පාදන මිලෙන් ආසන්න වශයෙන් 300%ක් වන බව වාර්තා වේ.
ආනයන සීමා කිරීම් හේතුවෙන් භාවිතා කළ වාහනවල මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් ඇති වී තිබේ.
කෙසේ නමුත් ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමත් සමඟ එම මිල සාමාන්‍ය තත්ත්වයට පත් වන බවයි.
aruna