බොන අයට අසුබ ආරංචියක් ම ත්පැන් මිල ඉහළට
මත්පැන් මිල ඉහළ දැමීමට සමගාමීව බීර මිලද ඉහල දැමීමට එම සමාගම් තීරණය කර තිබේ.
ඒ අනුව බීර බෝතලයක මිල රුපියල් 30-40ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත.
මේ අතර කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සෙවනගල සීනි කර්මාන්තශාලාව නිරීක්ෂණය කරන අවස්ථාවේදී පවසා සිටියේ ඉදිරියේදී අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට රජය කටයුතු කරන බවයි.
මුදල් අමාත්‍යාංශය විසින් හෙට (11 වැනිදා ) සිට ක්‍රියාත්මක වන පරිදි සුරාබද්ද ඉහළ දමා තිබේ.
මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සුරා බද්ද සියයට 5 කින් ඉහළ දමා ඇත.
මේ අනුව මිලි ලීටර් 750 අති විශේෂ මත් පැන් බෝතලයක මිල අවම වශයෙන් රුපියල් 106 කින් වැඩිවේ.
ඒ් අනුව රුපියල් 1,728.81කට පැවති මත් පැන් බෝතලයක් රුපියල් 1,830.92 ක් දක්වා මිල වැඩිවී තිබේ.
මේ අනුව අනෙකුත් මත්පැන් වර්ග වල මිල ගණන් ඊයේ සිට සියයට 5 කින් වැඩි වන්නේය.
සුරා බද්ද වැඩි කිරීමට අදාල ලිපිය මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් සුරාබදු කොමසාරිස්වරයාට යොමුකර ඇත
– aruna