පාර්ලිමේන්තුවේ ලිං ගික හිං සන චෝදනා . තිදෙනෙකු සේවයෙන් ඉවත් කෙරේ
පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සිදුවූ ලිංගික අතවර චෝදනා සම්බන්ධයෙන් සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිදෙනෙකු සේවයෙන් පහ කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කමිටුවේ නිර්දේශ මතය.
2023 අගෝස්තු මාසයේ සිදුවූ බව කියන මෙම සිද්ධිය මුලින්ම ජාතික පුවත්පතක් මගින් හෙළිදරව් කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් අභ්‍යන්තර පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන ලදි. එම මණ්ඩලයේ මූලික විමර්ශන වාර්තාව මත පදනම්ව, තවදුරටත් පරීක්ෂණ සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු වීරවර්ධන මහත්මියගේ කමිටුව පත් කෙරිණි.
මෙම කමිටුව විසින් ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඔවුන්ගේ නිර්දේශ පාර්ලිමේන්තු මහ ලේකම්වරියට පසුගියදා භාර දී තිබේ.
මේ අතර, පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාන්තා සේවිකාවන්ට එල්ල වී ඇතැයි කියන අඩන්තේට්ටම් සහ ලිංගික හිරිහැර සම්බන්ධයෙන්ද වෙනම විමර්ශනයක් සිදු කෙරෙමින් පවතී. මෙම සිද්ධිය පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවේදී ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් අනාවරණය කරන ලද අතර, දැනටමත් එම දෙපාර්තමේන්තුවේ සේවිකාවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. සේවක පාර්ශ්වය මෙම සිද්ධිය සම්බන්ධයෙන්ද බාහිර ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අවධාරණය කරයි.
gossip lanka news