ඔන්ලයින් ගේම් ඇබ්බැහි වුන 13 දරුවා 8 දරුවාට දඩුවම් දී වස පානය කරයි
අඟුණකොළපැලැස්ස, වැටිය ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි තාරුක සහ 08 හැවිරිදි අශාන් සම වයසේ පසු නොවුණ ද ඉතා කුළුපග මිතුරන්ය. දෙදෙනාගේ නිවාස දෙක එකම තැන පිහිටා තිබීම මෙම යාළුකම තවත් වැඩි වර්ධනය කිරීමට හේතුවක් විය. 13 හැවිරිදි තාරුකගේ මවුපියන් ගොවිතැන් කටයුතුවල නිරත වූ අතර 08 හැවිරිදි අශාන්ගේ පියා වෛද්‍ය හේතූන් මත සේවයෙන් ඉවත් වූ හමුදා සෙබළෙකි. මව රජයේ රෝහලක හෙදියක ලෙස සේවය කරන්නීය.
අශාන්ගේ මව සේවයට යන බොහෝ දිනවල පුංචි අශාන් බලාගත්තේ තාරුක සහ තාරුකගේ මවුපියන් විසිනි. ඒ හේතුව නිසා එම පවුල් දෙක අතර පැවතියේ ඉතාමත් කිට්ටු සම්බන්ධතාවකි. පවුල් දෙක අතර තියා දරු දෙදෙනා අතරවත් කවමදාකවත් ‘උඹ නොදකින්‘ කියාගෙන නොමැතිය. ඒ තරමටම විශ්වාසයක් පවුල් දෙක අතර විය. මේ නිසාම නිවාස දෙකේම දරුවන් නිවෙස් තුළට කෙසේ පැමිණියද ඒ පිළිබඳව එතරම් තැකීමක් නොමැතිය. 13 හැවිරිදි තාරුක ජංගම දුරකතනය ඔස්සේ වීඩියෝ ක්‍රීඩා කිරීමට තදින්ම ඇබ්බැහි වූ අයෙකි. මව සහ පියා එළවළු කොරටුවට ගිය පසු යළි මවුපියන් පැමිණෙනතුරුම ඔහු දවස ගෙවුවේ ජංගම දුරකතනය සමඟය. දිනක් තාරුක අශාන්ගේ නිෙවසට ගිය අවස්ථාවේ නිෙවසේ ස්ථානයක තිබූ රුපියල් 5000ක නෝට්ටුවක් සොරකම් කරගෙන ගොස් තිබුණි. ඒ විඩීයෝ ක්‍රීඩා සඳහා අවශ්‍ය ‘ඩේටා’ ලබා ගැනීම සඳහාය. අශාන්ගේ පියා සිය මුදල් නිෙවසේ තැබූ පසු තාරුක ඇරෙන්නට වෙනත් කිසිවෙකුත් නිෙවසට නොපැමිණි බව හොඳාකාරවම දනී. මේ නිසා මේ ගැන අශාන්ගේ පියා තාරුකගේ පියාට පවසා තිබේ. එහිදී තාරුකගේ පියා තාරුකට දඬුවම් කර ඇතත් තාරුකගේ මව නිරතුරුවම දරුවා ආරක්ෂා කරගත්තාය.
තාරුක දැඩි ලෙස ජංගම දුරකතන ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිටීම නිසා අශාන්ගේ මවුපියන් ද අවස්ථා ගණනාවකදීම තාරුක වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරන ලෙසටද උපදෙස් ලබා දී තිබේ. එහෙත් ඒ කිසිවක් තාරුකගේ මව සැලකිල්ලට ගෙන නොමැතිය. අශාන්ගේ පියා විසින් තාරුකට සැරවැර දමා නැති වූ රුපියල් 5000 ගැන ඇසූ පසු ඔහු එය තමන් සොරකම් කළ බව පවසා තිබේ. අශාන්ගේ පියා බැණ වැදීම නිසාත්, තාරුකගේ පියා තාරුකට පහර දීමත් නිසා තාරුක යම් කෝපයකින් පසුවිය. තාරුක කලක සිට එය සිතේ සඟවාගෙන සිටියේය. තාරුක තමන්ට සිදු වූ දේ පිළිබඳව පසු වුණේ ලැජ්ජාවකි. මේ නිසාම තාරුක තනියම විවිධ දෑ සිතන්නට විය.
ඉකුත් මැයි මස 05 වැනි දින තාරුකගේ මවුපියන් තාරුක සමඟ නිෙවසට මඳක් දුරින් පිහිටි ඔවුන්ගේ එළවළු කොරටුවට ගියේය. එහි ගිය තරුක සවස 03ට පමණ ඔහුගේ මවුපියන් කොරටුවේ සිටියදීම තනිවම නිෙවසට පැමිණියේය. එලෙස නිවසට පැමිණි තාරුක කෙළින්ම ගියේ ඔහුගේ නිෙවස අසල පිහිටි අශාන්ගේ නිෙවසටය. තාරුක එම නිෙවසට යන විටත් අශාන් නිෙවස ඉදිරිපිට වාඩි වී ජංගම දුරකතනයෙන් වීඩියෝ නරඹමින් සිටි අතර අශාන්ගේ මව අසල වූ ඇළට ගොස් රෙදි සෝදමින් සිටියාය. නිවසේ සිටියේ අශාන් හා තාරුක දෙදෙනා පමණි. තාරුක, අශාන්ගේ නිෙවසට ගොස් ගත වූයේ විනාඩි 30 කටත් අඩු කාලයකි. එකවරම 08 හැවිරිදි පුංචි අශාන් “මෙන්න මට ගහනෝ… මාව බේරගන්නෝ.. අනේ අම්මේ එන්නෝ“ කියා මරළතෝනි දෙන්නට විය. පුංචි අශාන්ගේ මරළතෝනිය අස්සේ තාරුක ඔහු අත වූ කුඩා පිහියකින් තාරුකගේ බෙල්ලට, පපුවට අතට මෙන්ම ශරීරයේ ස්ථාන කිහිපයකටම පිහි පහර එල්ල කරගෙන ගියේ දැඩි කෝපයෙන් යුතුවය. පිහි පහර එල්ලව පුංචි අශාන් බිමි ඇදවැටෙමින් යළි නැගිටිමින් දිව යද්දීත් තාරුක කිසි හිතක් පපුවක් නැත්තෙකු ලෙස පිහි පහර එල්ල කර තිබේ.
පුංචි අශාන්ගේ කෑගැසීම අසල්වැසියන්ට අසන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. කවදාවත් මෙලෙස අශාන් මරහඬ තළනු අසල්වැසියන් අසා නොමැතිය. මේ නිසාම පුංචි අශාන්ගේ මෙම මරළතෝනියත් සමඟ ඒ අසල වූ වෙනත් නිෙවසක කාන්තාවක නිෙවසින් එළියට බැස විපරම් කරන්නට විය. එහිදී දැකගත හැකි වූයේ මේ තරම් කාලයක් කිරි පැණි සේ සිටි අශාන් හඬමින් බිම වාඩි වී සිටියදී 13 හැවිරිදි තාරුක එම නිෙවසින් පිටව යන අයුරුය.
කුමක් හෝ සිදුව ඇති බව වටහාගත් අසල්වැසි කාන්තාව වහා එම ස්ථානයට ගියද තාරුක කිසිවක් නොවූ ගාණට එම නිවසින් පිටව ගියේය. අසල්වැසි කාන්තාව අඬමින් සිටින පුංචි අශාන් ළඟට ගොස් විපරම් කිරීමේදී ඇයගේ ඇස් අදහාගත නොහැකි විය. පුංචි අශාන්ගේ ඇඟ පුරා කැපුම් තුවාලය. මෙය දුටු අසල්වැසි කාන්තාව ද දැඩි කලබලයට පත්ව ඒ අසල රෙදි සෝදමින් සිටි අශාන්ගේ මවට පවසා තිබේ. මව සහ අසල්වැසි කාන්තාව විසින් දරුවා පරික්ෂා කිරීමේදී සිදුව ඇති දෑ වටහා ගැනීමට ඔවුන්ට මහ වේලාවක් නොගියේය. තුවාල ලබා සිටි පුංචි අශාන්ව වහාම ප්‍රතිකාර සඳහා කුට්ටිගල රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී සිදු කෙරුණු මූලික ප්රතිකාරවලින් අනතුරුව අශාන් වහාම වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට මාරු කර යැවීමට කුට්ටිගල රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර තිබුණි.
මෙම සිදුවීම වන විට වේලාව සවස 04ට ආසන්නව තිබුණි. මෙම අවාසනාවන්ත සිදුවීමත් සමඟ සියලු දෙනා ‘අනේ හපොයි… මේ මොන අපරාධයක් දැයි සිදුවුණේ කියමින් කම්පා වූහ. ඒ වන විටත් 13 හැවිරිදි තාරුකගේ මවුපියන් මේ කිසිත් දැන සිටියේ නැත. ඔවුන් දෙදෙනා එළවළු කොරටුවේ සිය කටයුතු කරමින් සිටියේය. මේ අතරවාරයේ අසල්වැසි පුද්ගලයෙකුගෙන් තාරුකගේ මවට දුරකතන ඇමතුමක් ලැබුණි.
“නංගි ඔයා කොහෙද ඉන්නේ?“ දුරකතන පණිවිඩයෙන් කියවිණි.“මම තාම කොරටුවේ ඉන්නේ“ යැයි පෙරළා තාරුකගේ මව පිළිතුරු දුන්නාය. “නංගි දරුවට පොඩි කරදරයක් වෙලා. ඉක්මනට ගෙදරට එන්න“ යැයි අසල්වැසියා පැවසීමත් සමඟ කොරටුවේ සිටි තාරුකගේ මවුපිය දෙදෙනා පවනට බඳු වේගයෙන් නිෙවසට පැමිණියහ. නිවසට පැමිණි තාරුකගේ මවුපියන්ට ද සිදුව ඇති දෑ වටහාගත නොහැකි විය. කෙසේ නමුත් ඒ වන විටත් තාරුක ද නිෙවසේ නොවීය. මේ නිසා සියලු දෙනා එක්ව 13 හැවිරිදි තාරුක සෙවීමේ කටයුතුවල නිරත වූහ.
මේ වන විට මෙම සිද්ධිය අඟුණුකොළපැලැස්ස පොලිසියට ද වාර්තා වී තිබුණි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අඟුණුකොළපැලැස්ස පොලිසිය ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණේ මෙම සිදුවීමේ අගමුල සොයා ගැනීම සඳහාය. විමර්ශන සිදුකරන පොලිසියට ද මෙය ඉතා අරපරිස්සමට සිදුකළ යුතු විමර්ශනයක් බවට පත්ව තිබුණි. ඒ මෙය කුඩා ළමුන් දෙදෙනෙකුගේ ජීවිතය සම්බන්ධ කාරණයක් නිසාවෙනි. කෙසේ වෙතත් පරීක්ෂණ සිදුකළ පොලිසියට අනාවරණය වී තිබුණේ නිවැසියන් දෙපාර්ශ්වයම ඉතාම සුහදව කටයුතු කර ඇති බවත්, දරුවන් දෙදෙනා ජංගම දුරකතන නැරඹීමට තදින් ඇබ්බැහි වී සිට ඇති බවත්ය.
රාත්‍රී 7.30 වන විටත් 13 හැවිරිදි තාරුක පිළිබඳව කිසිම හෝඩුවාවක් නොවීය. ඒ නිසාම ඔහු සෙවීමේ කටයුතු තවත් පුළුල්ව සිදුවෙමින් තිබියදී තාරුකගේ මවට රාත්‍රී 08ට පමණ දුරකතන ඇමතුමක් ලැබුණි. ඉන් කියවුණේ තාරුක කුට්ටිගල රෝහලේ සිටින බවයි. එම පණිවිඩයට අනුව තාරුකගේ පියා ඇතුළු කිහිප දෙනෙකු කුට්ටිගල රෝහලට පැමිණ බලන විට දැනගැනීමට ලැබුණේ තවත් අවාසනාවන්ත සිදුවීමකි. ඒ මෙම සිදුවීමෙන් පසු තාරුක ද වස පානය කර ඇති බවය. එළවළු කොරටුවට ගැසීමට ගෙන ආ නිෙවසේ ස්ථානයක සඟවා තිබූ වස කුප්පියකින් තාරුක වස පානය කර නිෙවසින් පිටව ගොස් ඇති බව පසුව අනාවරණය විය. වස පානය කිරීම නිසා අසාධ්‍යව සිටි තාරුකව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට මාරුකර යැවීමට කුට්ටිගල රෝහල් බලධාරීන් කටයුතු කර තිබුණි.
(මෙහි නම් මන:කල්පිතය)
නුවන් ජයසේකර – සූරියවැව විශේෂ
උපුටාගැනීම: සිළුමිණ