ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි
හිටපු රාජ්ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබේ.
ඒ ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින ඇය අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.
